May 18, 2024

රැය දහවල කරමින් ඊශ්‍රායල මිසයිල නාශක පද්ධතිය වැඩ පෙන්වයි (VIDEO)

පලස්තීන සන්නද්ධ කණ්ඩායම් විසින් 600කට අධික රොකට් ප්‍රහාර මාලාවක් සිය රට දෙසට එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසනවා.

ගාසා තීරයේ සිට මෙම රොකට් මාලාව පැමිණි බවයි ඔවුන් පවසන්නේ.

මෙම රොකට්වලින් 200ක් පමණ ආරක්ෂිතව උඩුගුවනේ දීම විනාශ කිරීමට සිය මිසයිල නාශක පද්ධතියට හැකි වූ බව ඊශ්‍රායලය වැඩිදුරටත් සඳහන් කරනවා.

පලස්තීන සන්නද්ධ කණ්ඩායම් විසින් මෙම රොකට් ප්‍රහාර සඳහා ඉලක්ක කර ඇත්තේ අෂ්කෙලොන්, මොඩීන් සහ ටෙල් අවිව් යන නගර බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර සිය රටට පැමිණෙන රොකට් මාලාව විනාශ කිරීමට ඊශ්‍රායල මිසයිල නාශක පද්ධතිය විසින් කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක් ඊශ්‍රායල ජනතාව විසින් වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත එක් කර තිබෙනවා.

එම දර්ශන පහතින්...

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 May 2021 08:57