May 18, 2024

අමෙරිකාවට දරුණු සයිබර් ප්‍රහාරයක්

අමෙරිකා එක්සත් ජනපදයට දරුණු සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙලෙස ප්‍රහාරයට ලක් වූයේ එරට ප්‍රධානතම ඉන්ධන ප්‍රවාහන නළ සමාගමක්වන “කොලෝනියල් පයිප්ලයින්” (Colonial Pipeline) සමාගම යි.

අමෙරිකාවේ FBI ආයතනය පවසන්නේ “ඩාක්සයිඩ්” (DarkSide) නමැති හැකර් කණ්ඩායමක් මෙය පිටුපස සිටින බවයි.

එම කණ්ඩායම රුසියාවේ සිට ක්‍රියාත්මකවන බව ද  එම ආයතනය ප්‍රකාශ කරනවා.

මෙම තත්ත්වයත් සමග විවිධ පාර්ශව චෝදනා නගන්නේ ප්‍රහාරයට රුසියානු රජයේ යම් සබඳතාවක් පවතින බවයි.

කෙසේ වෙතත් රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද ප්‍රකාශ කළේ මෙම සයිබර් ප්‍රහාරය පිටුපස රුසියාව සිටින බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

ප්‍රහාරයට ලක් වූ සමාගම දිනක් තුළ ඉන්ධන බැරල මිලියන 2.5ක් පමණ ප්‍රවාහනය කරන තරම් දැවැන්ත සමාගමක්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 May 2021 21:34