May 18, 2024

ගාසා තීරය පුරාවට විලාප හඬ පැතිර යයි : ඊශ්‍රායල මිසයිල හමුවේ ගාසා තීරය සුනුවිසුණු වුණු හැටි

ජෙරුසලමේ දී පලස්තීන වැසියන් සහ ඊශ්‍රායල පොලීසිය අතර ඇති වූ ගැටුම මේ වන වැටි දැවැන්ත යුද්ධයක් බවට පත් වෙමින් තිබෙන අතර දෙරට අතර මිසයිල ප්‍රහාර බොහෝ ප්‍රමාණයක් ද හුවමාරු විය.

ඊශ්‍රායලය එල්ල කරන ලද මිසයිල ප්‍රහාර 130ක් හේතුවෙන් ගාසා තීරයට දැඩි හානි සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

මේ වන විට පලස්තීනයේ ජීවිත 26ක් පමණ අහිමිව ඇති බවට එරට සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

එමෙන්ම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණේ හමාස් සංවිධානය විසින් රතු ඉර පැන ඇති බවයි. ඔවුන්ගේ ප්‍රතිචාරයට ඊශ්‍රායලය වැඩි බලයකින් ප්‍රතිචාර දක්වන බවද අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් පවසා තිබේ.

මේ අතර ඊශ්‍රායලය ප්‍රහාර හමුවේ ගාසා තීරයේ ජීවත් වන වැසියන් බියට පත්ව කෑගසන ආකාරයත්, මිසයිල ප්‍රහාර හමුවේ ගාසා තීරයට හානිවෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඒෂියන් මිරර් වෙතද හමුවූ අතර එම වීඩියෝව පහතින් දැක්වෙයි.

Rate this item
(0 votes)