May 02, 2024

ඉරාන වේග ප්‍රහාරක යාත්‍රා සමඟ ඇමෙරිකානු යුධ නෞකා මහා සාගරය මැද ගැටුමක

ආරක්ෂිත දුර උල්ලංඝනය කරමින් සිය නෞකා ආසන්නයට පැමිණි ඉරාන වේග ප්‍රහාරක යාත්‍රා කිහිපයක් වෙත අනතුරු ඇඟවීමේ වෙඩි තැබූ බව එක්සත් ජනපද වෙරළාරක්ෂක අංශය විසින් පවසා තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධියේ දී දෙරට අතර මෙම උණුසුම් තත්ත්වය ඇතිව තිබෙන අතර ඇමෙරිකානු යුධ නෞකා විසින් අනතුරු ඇඟවීමේ ප්‍රහාරයන් 30ක් පමණ එල්ල කර ඇති බවද සඳහන් වෙයි.ෙ

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකා නාවික හමුදාවට අයත් නාවික යාත්‍රා 13ක් මෙලෙස ඇමෙරිකානු යුද නෞකා අසළට ආරක්ෂිත සීමාව උල්ලංඝනය කරමින් යාර 150ක් පමණ ආසන්නයට පැමිණි බවයි. එම අවස්ථාවේ ඇමෙරිකානු යුධ නෞකා 06ක් විසින් ඇමෙරිකාවට අයත් යූඑස්එස් ජෝර්ජියා සැබ්මැරීනය සාගරය දෙසට ගෙනමින් සිට තිබේ‍ෙ

එම අවස්ථාවේදී ඇමෙරිකානු යුධ නෞකා විසින්  .50 කැලිබර් වර්ගයේ යාන්ත්‍රික ගිනි අවිවලින් අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. එමෙන්ම රේඩියෝ හරහා ද ඉරාන නාවික යාත්‍රා වෙත අනතුරු ඇඟවීමක් ද කර තිබුනි

දෙවරක්ම මෙම අනතුරු ඇඟවීමේ ප්‍රහාරයන් ක්‍රියාත්මක කළ පසුව ඉරාන නාවික යාත්‍රා එම ප්‍රදේශයෙන් ඉවත් ගිය බවද ඇමෙරිකානු වෙරළාරක්ෂක අංශයන් විසින් පවසා තිබේ.

මෙම චෝදනා කිසිවක් සම්බන්ධයෙන් ඉරානය නිල ප්‍රකාශක් නිකුත් නොකර ඇති බවද වාර්තා වෙයි. 

මීට පෙර අවස්ථා කිහිපයක දීම මෙලෙස සාගර කලාපයන් තුළ ඉරානය සහ ඇමෙරිකාව අතර උණුසුම් තත්ත්වයන් ඇතිව තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 May 2021 11:20