April 20, 2024

සිරකරුවන් පන්දහසක් එලොව යැවූ විනිසුරුවරයා ඉරාන ජනපති පුටුවට

ඉරානයේ පැවැති ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ඉහළම විනිසුරුවරයා වන ඊබ්‍රාහිම් රයිසි සමත්වෙලා තියෙනවා. 

60 වැනි වියේ පසුව ඊබ්‍රාහීම් ඔහුගේ ජීවිතයේ වැඩිම කාලයක් නීතිඥවරයෙකු ලෙස කටයුතු කළ අයෙක්. 2019 වසරේ දී ඔහු ඉරානයේ ප්‍රධාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ලෙස තෝරාපත් කරගෙන තිබුණා.

ඉරානයේ පාලක පූජකරුවන් හට ඉතාමත් සමීප සම්බන්ධයක් පවත්වන නව ජනාධිපතිවරයා එරට උත්තරීතර නායකයා වන අයතුල්ලා කමේනිගේ අනුප්‍රාප්තිකයෙකු ලෙසද හඳුන්වනු ලබනවා.

1980 දශකයේ දී ක්‍රියාත්මක වූ දේශපාලනික සිරකරුවන් සමූහ වශයෙන් ඝාතනය කරන සමයේ ඊබ්‍රාහීම් රයිසිගේ ක්‍රියාකලාපය පිළිබඳව ලෝක මානව හිමිකම් සංවිධානය කනස්සල්ලද පළ කර තිබණු අතර, ඉරානය තුළ ඝාතනය ලක් වූ දේශපාලනික සිරකරුවන් 5000කට මරණ දඬුවම් ලබාදුන් විනිසුරුවරුන් සිව්දෙනාගෙන් එක් අයෙකු ලෙසද ඔහුව හඳුන්වනු ලබනවා.

මානව හිමිකම් සංවිධානයන් පවසා සිටින්නේ ඉරානය තුළ සිදුවන බලහත්කාරකම්, අතුරුදහන් කරවීම් සහ වධහිංසා පැමිණ වීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම වෙනුවට ඊබ්‍රාහිමී රයිසි වැනි අයෙකු ජනාධිපතිවරයෙකු ලෙස පත් කිරීම තුළින් එවැනි දේවල් දඬුවම් නොදීම උත්තරීතර දෙයක් යැයි සලකනු ලබන බවට පෙනී යන බවයි.

ඉරාන අභ්‍යන්තර කටයුතු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය ජමාල් ඕර්ෆ් විසින් මාධ්‍ය වෙත පවසා තිබුණේ ඉරාන වැසියන් මිලියන 28.6ක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කටයුතු කර ඇති බවත්, එම ඡන්දයන්ගෙන් 90%ක ප්‍රමාණයක් ගණනය කර අවසන් බවත්, ඒ අනුව ඉදිරියෙන් සිටින්නේ ඡන්ද මිලියන 17.8ක් ලබාගත් ඊබ්‍රාහිම් රයිසි බවයි.

නව ජනාධිපතිවරයා හට හිටපු ජනාධිපති හසන් රුහානි ද සිය සුබ පැතුම් එක් කර තිබූ බව සඳහන් වෙනවා. 

ඉරාන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 07 දෙනෙකු ඉදිරිපත් විය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 June 2021 16:17

Related items