April 26, 2024

අර්බුද කිහිපයකින් පසුව චාල්ස්, විලියම් සහ හැරී අතර විශේෂ සාකච්ඡාවක්

පිලිප් කුමරුගේ අවමංගල්‍යයෙන් පසුව විලියම් කුමරු සිය සහෝදරයා වන හැරී සමඟ සාකච්ඡා කරමින් එම ස්ථානයෙන් පිටව ගිය බවත් පසුව ඔවුන් දෙදෙනා විසින් සිය පියාණන් වන චාල්ස් කුමරු හමුවී පැය 02කට ආසන්න කාලයක් සාකච්ඡාවක් පවත්වා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

පසුගිය සමයේ හැරී කුමරු රාජකීයත්වය අත්හැරීම සහ රූපවාහිනී වැඩසටහනකදී තම බිරිඳ සමඟ එක්ව රාජකීය පවුල විවේචනය කිරීම වැනි අර්බුද කිහිපයකින් පසුව මෙම සාකච්ඡාව පැවැත්වීමද විශේෂත්වයකි.

මෙම අර්බුදය නිමාවනු දැකීමට පිලිප් කුමරු ආශා කළ බවත් ඒ අනුව මෙම සාකච්ඡාව සිදුවන්නට ඇති බවත්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එමෙන්ම මෙම සාකච්ඡාවෙන් අනතුරුව රාජකීය පවුලට අයත් කෙන්සිංටන් මාලිගයේ දී ඩයනා කුමරියගේ අනුස්මරණ ප්‍රතිමාව නිරාවරණය කිරීම සඳහා විලියම් සහ හැරී එක්ව කටයුතු කරනු ඇති බවත් සඳහන් වන අතර දෙවන එළිසබෙත් රැජිනගේ 95 වැනි ජන්ම දිනය වෙනුවෙන් එළැඹෙන බදාදා දක්වා හැරී රාජකීයන් සමඟ සිටිනු ඇතැයිද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණි. 

Rate this item
(1 Vote)