May 02, 2024

පිලිප් කුමරුගේ අභාවයත් සමඟ ලෝකයේම අවධානය හැරී සහ මේගන් වෙතට

බ්‍රිතාන්‍ය රැජිනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරුගේ අභාවයත් සමඟ ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය ඔහුගේ මුනුපුරෙකු වන හැරී සහ හැරීගේ බිරිඳ වන මේගන් මර්කල් වෙත හිමිව තිබේ.

එයට හේතුව වී ඇත්තේ පසුගිය දිනක ඔවුන් විසින් ඔප්රා වින්ෆ්‍රිගේ වැඩසටහනකදී ප්‍රසිද්ධියේ බ්‍රිතාන්‍ය රාජකීය පවුල විවේචනය කිරීමත් සමඟ ඇති වු අර්බුදයයි.

මේ වන විට බොහෝ දෙනා අවධානය යොමු කර ඇත්තේ මෙම යුවල පිලිප් කුමරුගේ අවමංගල්‍ය සඳහා සහභාගී වෙද්දැයි යන්නයි.

විදෙස් ආරංචි මාර්ග සඳහන් කර පරිදි හැරී කුමරු තම සීයාගේ අවමංගල්‍යයට සහභාගී වනු ඇති අතර දරු දෙවැනි දරු ප්‍රසුතිය සඳහා සුදානම් වන මේගන් මර්කල් හට ඇයගේ වෛද්‍යවරුන් ගුවන් ගමන් තහනම් කර ඇති බැවින් ඇය සහභාගී නොවනු ඇත.

බ්‍රිතාන්‍ය තුළ පනවා ඇති දැඩි කොරෝනා වසංගත පාලන නීති හමුවේ මෙම අවමංගල්‍ය උත්සවය පවුලේ ඉතාමත් සමීපතයන් සඳහා පමණක් සීමා වනු ඇත.

තවමත් හැරී කුමරුන්ගේ සහභාගී වීම නිශ්චිතව සනාථ කර නොමැති බවද සඳහන් වෙයි.

Rate this item
(0 votes)