May 18, 2024

මේගන්ට එරෙහිව රාජකීයනුත් වැඩ අරඹයි - මේගන්ගේ ක්‍රියාකලාපයන් ප්‍රසිද්ධ කරයි

මේගන් මර්කල්ගේ ප්‍රසිද්ධ චෝදනාවෙන් පසුව බ්‍රිතාන්‍ය රාජකීයන්ද ඇයට විරුද්ධව විවිධ ක්‍රියාකාරකම්වල නිරත සිටියි.

මේ වන විට රාජකීයන්ගේ පාර්ශවයෙන් ඇයට විරුද්ධව පරික්ෂණයක් ආරම්භ කර ඇති අතර ඇය කරන ලද චෝදනාවට සාක්ෂි ඉදිරිපත් කරන මෙන්ද පවසා තිබේ.

එමෙන්ම මේගන්ට එරෙහිව තවත් පරික්ෂණයක් ඇයගේ ප්‍රසිද්ධ චෝදනාවට එල්ල වීමට පෙරම ආරම්භ කර තිබූ බව සඳහන් වෙයි.

මේගන් විසින් බංකිම්හැම් මාළිගාවේ සේවිකාවන් කිහිප දෙනෙකුට හිරිහැර වන ආකාරයට හැසිරීම සම්බන්ධයෙන් මෙම පරික්ෂණය ආරම්භ කර තිබේ.

2018 වසරේ දී සසෙක්ස් හිටපු මාධ්‍ය ලේකම් වන ජේසන් නූෆ් විසින් යවන ලද ඊමේල් පණිවිඩයක් ‘ද ටයිම්ස්’ පුවත්පත විසින් ප්‍රසිද්ධ කර තිබුණු අතර එහි මේගන් විසින් සේවිකාවන්ට හිරිහැර වන ආකාරයෙන් හැසිරී තිබුණු බවට සඳහන් විය. ඔහු එහිදී කිහිප දෙනෙකුගෙන්ම මෙම පැමිණිලි ලැබූ තිබුණු බවද සඳහන් කරයි.

නමුත් මෙම චෝදනා සියල්ලම මේගන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

 ඇය තමන්ට සිදු වු හිරිහැර සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමට සුදානම් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Rate this item
(0 votes)