April 26, 2024

ඊළඟ ‘ඩයනා කුමරිය’ මේගන් වෙයිද? : මේගන් බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ කෲරත්වය ගැන ලෝකය ඉදිරියේ හෙළි කරයි

හැරි කුමරු සහ මේගන් කුමරිය සිය රාජකීයත්වය අත්හැරීමෙන් පසුව බ්‍රිතාන්‍ය රාජකීය පවුල වෙත "බෝම්බ ප්‍රහාරයක්" තරම් ප්‍රබල වූ වාග් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හැරී සහ මේගන් සිය රාජකීයත්වය අත්හැරීමෙන් පසුව ප්‍රථම වරට ඔපෙරා ෆින්ෆ්රී සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී මේගන් විසින් බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ කෲරත්වය ගැන ලෝකයට හෙළි කර තිබුණි.

අප්‍රිකානු - ඇමෙරිකානු සම්බවයක් සහිත මේගන්ගේ සහ හැරී කුමරුගේ ප්‍රථම දරුවා වන ආර්චිගේ උපතට පෙර ඔහුගේ සමේ වර්ණය පිළිබඳව බ්‍රිතාන්‍ය රාජකීයන් කණස්සල්ලයෙන් සිටි බවට ඇය එහිදී පවසා තිබුණි.

එමෙන්ම තමන් පිළිබඳව බොහෝ කටකතා නිර්මාණය කිරීමටත් බ්‍රිතාන්‍ය රාජකීයන් කටයුතු කළ බවද ඇය එහිදී කියා තිබුණු අතර බ්‍රිතාන්‍ය රාජකීයන් වර්ගවාදීන් බවටද ඇය චෝදනා කර සිටියාය.

එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ තමන්ට එල්ල වුණු පීඩනය හමුවේ විටෙක සියදිවි නසා ගැනීමට පවා සිතුණු බවයි.

ඇයගේ මෙම දැඩි ප්‍රකාශයෙන් පසුව බ්‍රිතාන්‍ය රාජකීයන් සහ ඔවුන්ට සහාය දක්වන පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර රාජකීයන්ට පක්ෂපාතී පිරිස් විසින් පවසා තිබුණේ හැරී සහ මේගන් උමතුවෙන් කටයුතු කරන බවයි.

බ්‍රිතාන්‍ය පවුලට මෙවැනි චෝදනා එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර ඉතිහාසය පුරාවට විවිධ චෝදනා එල්ල වූ අතර ඩයනා කුමරියගේ මරණය සම්බන්ධයෙන් ද බ්‍රිතාන්‍ය රාජකීයන්ට බොහෝ පිරිසක් චෝදනා එල්ල කළේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 March 2021 07:12