April 26, 2024

හැරී සහ මේගන් හට සිය රාජකීයත්වය අහිමි වෙයි

February 22, 2021

සසෙක්ස් හී ආදිපාදවරයා සහ ආදිපාදවරිය වූ හැරී කුමරු සහ මේගන් කුමරිය නිල වශයෙන් සිය රාජකීයත්වය අත්හැර ඇතැයි වාර්තා වෙයි.

මීට පෙර ඔවුන් විශේෂ කාල සීමාවකට යටත්ව සිටි අතර එම කාලසීමාව මෙලෙස අවසන් වී තිබේ.

එමෙන්ම බ්‍රිතාන්‍ය මහ රැජින විසින් ඔවුනට නිල වශයෙන් මෙම රාජකීයත්වය අහිමි වූ බවට දැනුම් දී ඇති බවද සඳහන් වෙයි.

මෙම රාජකීයත්වය අහිමි වීමත් සමඟ ඔවුනට ලැබෙන වරප්‍රසාද ඇතුළු සිය පහසුකම් ද අහිමි වී යනු ඇත. ඔවුනට තව දුරටත් රාජකීය නාමයන් හෝ ගෞරව නාමයන් ද දැරීමට අවස්ථාවද අහිමිව යයි.

නමුත් හැරී සහ මේගන් මේ වන විට ඇමෙරිකාවේ කැල්ෆෝනියා ප්‍රාන්තයේ ජීවත් වන අතර ඔවුන් විසින් විවිධ ව්‍යාපාර කිහිපයක්ම ආරම්භ කර ඇති බව සඳහන් වෙයි. 

මේ වන විට ඔවුන් දෙදෙනා සිය දෙවැනි දරුවාගේ උපත සඳහා සුදානමින් සිටින බවත් සඳහන්.

Rate this item
(0 votes)