May 18, 2024

රුසියාව කැළඹෙයි - දස දහස් ගණනක් සටන් පාඨ කියමින් ජනපතිට එරෙහි වෙයි - 5,100ක් අත්අඩංගුවට ගනී

February 01, 2021

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නි අත්අඩංගුවට ගැනීමට විරුද්ධව දස දහස් ගණනක් ජනතාවක් රුසියාවේ මේ වන විටත් උද්ඝෝෂණවල නිරත වෙමින් සිටින බව වාර්තා වෙයි.

වැල්ඩ්මියර් පුටින් හට සිය විරෝධය පාමින් සටන් පාඨ කියමින් සිටින මෙම ජනතාව පාලනය කිරීම සඳහා එරට ආරක්ෂක අංශ දැඩි උත්සාහයක නිරතව සිටින බව වාර්තා වෙයි. මේ වන විටත් 5,100ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සමහර පුද්ගලයින් දැඩි ලෙස පහර දී ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු ජනාධිපතිවරයා වන ව්ලැද්මියර් පුටින්ව ප්‍රසිද්ධියේ විවේචනය කළ පුද්ගලයෙකු මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන වන 44 හැවිරිදි ඇලෙක්සෙයි නවාල්නි ජනවාරි 17 වන දින ජර්මනියේ සිට ආපසු පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු ශරීරයට විෂ ගත වීමක් නිසා ජර්මනියේ ප්‍රතිකාර ලබාගෙන සිට නැවත පැමිණි අතර මෙලෙස අත්අඩංගුවට පත්විය.

Rate this item
(0 votes)