April 27, 2024

රුසියානු ස්නයිපර් වෙඩික්කරුවන්ට අති විශේෂ පුහුණුවක්

රුසියාවේ සිටින ස්නයිපර් වෙඩික්කරුවන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා අති විශේෂ පුහුණුවක් ලබා දීමට එරට රජය විසින් තීරණය කර තිබේ.

මෙම පුහුණුව තුළ දී ස්නයිපර් වෙඩික්කරුවන් විසින් සෙල්සියස් අංශක -35ක් පමණ දැඩි ශීතල දේශගුණයක් යටතේ පුහුණු විය යුතුව ඇති බවට සඳහන් වෙයි.

එමෙන්ම මෙම පුහුණු කාලය දිවා රාත්‍රී වශයෙන් ද පැවැත්වෙන බවටත් සඳහන් වෙයි. 

ආක්ටික් කලාප ප්‍රදේශයේ ගැටුමක් ඇති වුවහොත් ඒ සඳහා මුහුණ දිය හැකි වෙඩික්කරුවන් නිර්මාණය කිරීම මෙම පුහුණු අභ්‍යාසයේ අරමුණ බවත් සඳහන් වෙයි.

ඊට අමතවර විශේෂ පරික්ෂණාගාරයක් රුසියාවේ මොස්කව් නුවරට ආසන්නයේ ඉදි කොට ඇති බවත් එහිදී සෙල්සියස් අංශක ඍන -60ක පමණ අගයකදී සටන් කළ හැකිද යන්න පිළිබඳවත් විශේෂ පරික්ෂාවක් ද සිදු කරන බවටද රුසියානු මාධ්‍ය වාර්තා කර තිබුණි.

ආක්ටික් සාගරයේ ශිත කොටස් දිය වී යාමත් සමඟ ඒ හරහා නෞකා ගමනාගමනය සඳහා මේ වන විටත් මඟ විවෘතව ඇති අතර 2024 වන විට එම මාර්ගය හරහා ටොන් මිලියන 80 භාණ්ඩ ප්‍රවාහනයට රුසියාව අපේක්ෂාවෙන් සිටියි.

මෙම ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව ලබා දීමද මෙම යුද පුහුණුවේ අපේක්ෂාව වී ඇති බවටත්, ආක්ටික් කලාපය තුළ රුසියානු ආධිපත්‍ය තව දුරටත් තහවුරු කිරීමටත් මෙම පුහුණුවේ තවත් අරමුණක් බවට පත්ව තිබේ.

Rate this item
(0 votes)