April 26, 2024

වැඩි දියුණු වූ කොරෝනා වෛරස් ප්‍රභේදයක් බ්‍රිතානයෙන් හමුවෙයි - එන්නත්වලින් පාලනය කරගන්නත් බැරි වෙයි?

December 20, 2020

බ්‍රිතාන්‍යයෙන් නව වැඩි දියුණු වූ කොරෝනා ප්‍රභේදයක් හමුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනාවරණය කර තිබේ. එම සංවිධානය විසින් පවසා තිබුණේ මෙම නව ප්‍රභේදය පිළිබඳව හඳුනා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවයි.

මෙම නව කොරෝන වෛරසය, මුල් ප්‍රභේදයට වඩා වේගයෙන් පැතිරෙන බවත්, නමුත් එය පළමු ප්‍රභේදයට වඩා මාරාන්තික නොවනු ඇති බවට දැනට විශ්වාස කරන බවද එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබුණී.

බ්‍රිතාන්‍ය හැරුණු කොට නෙදර්ලන්තය, ඩෙන්මාර්කය සහ ඕස්ට්‍රේලියාව යන රටවල ද කොවිඩ් -19 වෛරසයේ නව විකෘතියක් අනාවරණය වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනාවරණය කර තිබේ.

මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය දැනට ලෝකයේ නිර්මාණය කර ඇති කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතවලට වෙනස් ප්‍රතිචාරයන් දක්වනවාදැයි තවමත් අනාවරණය කරගෙන නොමැති  බවද සඳහන්.

බ්‍රිතාන්‍ය තුළ වේගයෙන් ව්‍යාප්ත වන වෛරසය මැඩපැවැත්වීම සඳහා ලන්ඩනය ඇතුළු ගිනිකොන දිග එංගලන්තයේ විශාල ප්‍රදේශ ගණනාවකට  නව දැඩි සීමාවන් පැනවීමටද එරට පාලනාධිකාරීය විසින් කටයුතු කර තිබේ.

 මේ අතර නෙදර්ලන්ත රජය විසින් අද (20) වැනිදා දිනයේ සිට බ්‍රිතාන්‍ය සමඟ පවතින ගුවන් ගමන් සියල්ලම නවතා දමා ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නෙදර්ලන්තයට නව වෛරස් ප්‍රභේදය ඇතුළු වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවට නෙදර්ලන්ත රජය විසින් ප්‍රකාශ කර තිබේ.

මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය ගැන මුල්ම වරට හෙළි වී තිබුණේ මීට දින 05කට පමණ පෙර වන අතර එරට සෞඛ්‍ය ලේකම්වරයා විසින් සඳහන් කර තිබුණේ එරට පළාත් පාලන ආයතනයන් 60කින් පමණ මෙම නව කොරෝනා වෛරස් ආසාදනය සහිත පුද්ගලයින් පිළිබඳව දැනුම් දී ඇති බවයි.

Rate this item
(0 votes)