April 26, 2024

විලියම් ශේක්ස්පියර්ටත් කොරෝනා එන්නත (VIDEO)

December 09, 2020

බ්‍රිතාන්‍ය සිය රටේ ප්‍රමුඛතා ලැයිස්තුවේ සිටින වැඩිහිටි පුද්ගලයින් හට කොරෝනා එන්නත ලබා දීමට කටයුතු කර තිබේ.

එහිදී පළමුවරට සායනික පරික්ෂණවලින් පසුව සාර්ථක කරගත් කොරෝනා එන්නත ලබාගත් ලෝකයේ පළමු පුද්ගලයා බවට බ්‍රිතාන්‍ය හෙදි නිලධාරිනියක් ලෙස කටයුතු කළ මාග්‍රට් කීනන් නම් 90 වන වියේ පසුවන කාන්තාව පත්විය.

මෙහිදී එන්නත ලබාගත් දෙවනි පුද්ගලයා ගැන ලෝකයේ බොහෝ දෙනාගේ අවධානයක් යොමුව තිබුණි.

ඒ ඔහුගේ නම නිසාය.

විලියම් ශේක්ස්පියර් නම් 81ක් හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස දෙවනවරට සාර්ථක කොරෝනා එන්නත ලබාගෙන තිබුණි.

ෆයිසර් / බයෝ එන්ටෙක් එන්නත මාත්‍රා 800,000යක් ඉදිරි සතිවලදී එක්සත් රාජධානියේ දී බෙදා හරිනු ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

විලියම් ශේක්ස්පියර්ට කොරෝනා එන්නත ලබාදෙන අවස්ථාවේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 December 2020 07:34