April 26, 2024

ඔක්ස්වර්ඩ් කොවිඩ් එන්නතට ගැටලු රැසක්! නැවත පරික්ෂණ කරන්නට යයි

November 27, 2020

බ්‍රිතාන්‍යයේ ඔක්සවර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රාසෙන්කා යන ඖෂධ නිෂ්පාදන සමාගම එක්ව නිර්මාණය කළ කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත නැවත අත්හදා බැලීම් සඳහා යොමු කිරීමට සුදානමක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය ඖෂධයක් ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට සහ වෛරසයට සාර්ථක එන්නතක් ලෙස ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීමට පෙර එහි කාර්යක්ෂමතාවය පිළිබඳව නැවත ඇගයීමක් කළ යුතුව ඇතැයි ඖෂධ නිෂ්පාදන සමාගම ප්‍රකාශ කර තිබේ.

ඒ සඳහා නැවත වරක් මිනිස් සාධක මත අත්හදා බැලීමට සිදුවනු ඇති බවද එම ආයතනය පවසයි.

මෙම අත්හදා බැලීම නැවත වරක් සිදු කිරීම තුළීන් බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය විසින් බොහෝ විට මෙම එන්නතට අවසර දීම ප්‍රමාද කරනු ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණී.  එමෙන්ම එක්සත් ජනපදයේ ආහාර ඖෂධ පරිපාලනයේ අවසරය ලබා ගැනීමටද ගැටලුවක් ඇති කරනු ඇති බවටද වැඩිදුරටත් සඳහන් විය.

Rate this item
(0 votes)