May 16, 2024

මේගන් කුමරි රාජකීය නීති උල්ලංඝනය කරමින් ඇයට සිදු වු අනතුරක් මාධ්‍යයට හෙළි කරයි

November 25, 2020

සසෙක්ස් හී ආදිපාදවරිය විසින් රාජකීය නීති උල්ලංඝනය කරමින් පළමු වරට ඇයට සිදු වූ අනතුරක් මාධ්‍ය ඉදිරියේ පවසා තිබේ.

එහිදී ඇය කියා තිබුණේ තමන්ගේ දෙවෙනි දරුවා ගබ්සා වූ බවයි.

එම අමිහිරි මතකය අවදි කරමින් ඇය කියා සිටියේ හැරී සහ මේගන්ගේ පළමු දරුවා වන ආචීව තොටිල්ලෙන් ගෙන වඩා ගත් අවස්ථාවේ ඇයට තියුණු කැක්කුමක් ඇති වූ බවත් ඒ සමඟ දෙදෙනාව බිම ඇද වැටුණු බවත් ඇය ආචීව සනසමින් විහිළු කළ බව පවසා සිටියාය.

ඒ අවස්ථාවේ තමන්ට තමන්ගේ දෙවැනි දරුවා අහිමි වූ බව ඇය දැනගත් බව කියා සිටියාය.

ඇය රෝහලේ ගත කළ අවස්ථාව සිහිපත් කරමින් ඇය කියා සිටියේ ඒ අවස්ථාවේ ඔහුගේ සැමියා වූ හැරී කුමරුන් කඳුළු සලමින් ඇය අසලට වී සිටි බවද කියා සිටියාය.

දරුවෙකු අහිමි වීම දරාගත නොහැකි ශෝකයක් බවට ඇය කියා සිටි අතර සමහර අය එම වේදනාව සඟවා ගනිමින් සිටින බවද පැවසූවාය.

බ්‍රිතාන්‍ය රාජකීය නීතිය අනුව රාජකීයන් කිසිවෙකුත් ප්‍රසිද්ධියේ තමන්ගේ පෞද්ගලිකත්වය හෙළි නොකර අතර එසේ හෙළි කිරීම එම ප්‍රතිපත්තිවලට එරෙහි වීමක් ලෙසද සලකනු ලබයි.

බ්‍රිතාන්‍ය මහ රැජින වන එලිසබෙත් රැජින සිය වසර 68ක පාලන කාලය තුළ කිසිදු අවස්ථාව සිය පෞද්ගලික ජීවිතයේ සිදුවීම් මාධ්‍ය වෙත හෝ ප්‍රසිද්ධියේ කියා නොමැති බවද සඳහන් වෙයි.

Rate this item
(3 votes)