April 27, 2024

පාකිස්ථානය දිනපු සතුටට ඉන්දියාවේ රතිඤ්ඤා පත්තු වෙයි! ‍ක්‍රිකට් ප්‍රබලයෙකුට ගැටළුවක්!

විස්සයි විස්ස ලෝක කුසලාන තරගයේදී පාකිස්තානය, ඉන්දියාව පරාජය කොට ලැබූ ඓතිහාසික ජයෙන් පසු සිදු වූ දෙයක් පිළිබඳව හිටපු ඉන්දීය ආරම්භක පිතිකරුවෙකු වූ විරේන්ද්‍ර ශේවාග් සිය පුදුමය පළ කොට තිබෙනවා.

ඒ පාකිස්තානය ලැබූ ජය සමරමින් ඉන්දියාව තුළ රතිඤ්ඤා පත්තු කිරීම සම්බන්ධයෙන්.

පාකිස්ථානය ලැබූ ජය සමරමින් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ තුළ එසේ රතිඤ්ඤා පත්තු කළ බවයි ශේවාග් පවසන්නේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විරේන්ද්‍ර ශේවාග් සඳහන් කරන්නේ "දිවාලි (මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ආගමික උත්සවය) උත්සව සමයේ රතිඤ්ඤා පත්තු කිරීම තහනම් කර තිබෙනවා. ඒත් පාකිස්ථානයේ ජය සැමරීමට බොහෝ ප්‍රදේශවල රතිඤ්ඤා පත්තු කළා. ක්‍රිකට් ලැබූ ජය ගැන සැමරීමට එසේ රතිඤ්ඤා පත්තු කළා වෙන්න ඇති. එසේනම් දිවාලි උත්සවයේදී රතිඤ්ඤා පත්තු කිරීමෙන් සිදුවන අයහපත කුමක්ද"

විරේන්ද්‍ර ශෙවාග්ගේ එම ට්විටර් පණිවිඩයට සමාජ මාධ්‍ය වලින් ලැබී තිබුනේ ප්‍රබල ප්‍රතිචාර යි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 October 2021 21:28