April 25, 2024

ඉන්දියානු සංචාරය නවසීලන්ත කණ්ඩායමට 'ඇරඹුමම කඳුළක්' වෙයි

November 17, 2021

නවසීලන්ත කණ්ඩායමේ ඉන්දීය සංචාරයට අයත් පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය අද (17) පැවැත්වුණා.

ඒ, ජායිපූර්හි සවායි මන්සිං ක්‍රිඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මාගේ ආරාධනයෙන් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසුණා.

නියමිත පන්දු වාර 20 අවසානයේ දී නවසීලන්ත කණ්ඩායම කඩුළු 06ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 164ක්.

මාටින් ගප්ටිල් ලකුණූ 70ක් ලබාගත් අතර මාක් චැප්මන් ලකුණූ 63ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම, තරගයේ තවත් පන්දු 02ක් පමණක් ඉතිරිව තිබිය දී නියමිත ඉලක්කය හඹා ගොස් තරගය ජය ගත්තා.

කඩුළු 05ක් දැවී ඔවුන් ලකුණූ 166ක් රැස් කළා.

නායක රෝහිත් ෂර්මා ලකුණූ 48ක් ලබා ගත්තා.

ලකුණු 62ක් රැස් කළ සූර්යකුමාර් යාදව් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 17 November 2021 23:27