April 20, 2024

"සමාව ගන්න බැරිනම් රටින් පන්නන්න" - කොඩියක් නිසා රටක් ගිනියම් වෙයි!

November 18, 2021

පාකිස්තාන ජාතික ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායම මේ වන විට සිටින්නේ බංග්ලාදේශයේ.

ඒ බංග්ලාදේශය සමඟ විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වීම සඳහා.

දෙරට අතර මුල්ම තරගය අද (19) පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය අවිනිශ්චිතයි

එම තරඟාවලියව පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට අවිනිශ්චිත තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ඒ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සිය පුහුණුවීම් කළ ක්‍රිකට් පිටිය තුළ සිය ජාතික කොඩිය සිටවා ප්‍රදර්ශනය කිරීම නිසා.

ඒ මිර්පුර් ක්‍රීඩාංගනයේ.

මේ සිද්ධියට බංග්ලාදේශය ක්‍රීඩා ලෝලීන්ගෙන් එල්ල වී තිබෙන්නේ බරපතළ විරෝධතාවයක්.

Image

දැඩි ක්‍රියා මාර්ගයක්

ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට බලපෑම්ද කරමින් සිටිනවා.

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් පාකිස්තානය සමාව ගත යුතු බවත් නැතිනම් තරගාවලිය නතර කර පාකිස්තානය රටින් පිටමං කරන ලෙසටයි.

මේ සිද්ධියට හේතු වී තිබෙන්නේ දේශපාලන කරුණක්.

පනස් වසරක නිදහස

බංග්ලාදේශය මීට වසර 50කට පෙර පාකිස්ථානයේම කොටසක්.

එදා බංග්ලාදේශය හැඳින්වූයේ නැගෙනහිර පාකිස්තානය ලෙසටයි.

1971 දී නැගෙනහිර පාකිස්තානය, පාකිස්තානයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් වුණා.

ඒ දෙපාර්ශවය අතර ඇතිවූ දරුණු යුද්ධයකින් පසුවයි.

එහිදී බංග්ලාදේශයේ සිටි බුද්ධිමතුන්ව පාකිස්තාන හමුදා විසින් සමූල ඝාතනයකට ලක් කලා.

මෙම යුද්ධය ජයග්‍රහනය ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශයට අසල්වැසි ඉන්දියාවෙන් ලැබුණේ දැඩි සහයෝගයක්.

දෙරට අතර නොසන්සුන්තාව

මේ නිසා පාකිස්ථානය හා බංග්ලාදේශය අතර තිබෙන්නේ ඉන්දියාව හා පාකිස්තානය අතර තිබෙන්නා සේ ගැටුම්කාර තත්ත්වයක්.

මේ වර්ෂයේ මාර්තු මස බංග්ලාදේශය පකිස්තානයෙන් නිදහස්වී වසර 50ක් සැමරුවා.

දශක පහක නිදහස අභියෝගයට ලක් ලක් කිරීම සඳහා පාකිස්තානය සිය ධජය බංග්ලාදේශයේ භූමියේ සිටු වූ බවටයි බංග්ලාදේශ ක්‍රීඩාලෝලීන් චෝදනා කරන්නේ.

එහෙත් පාකිස්තානය කණ්ඩායමේ පුහුණුකරුවන් සඳහන් කරන්නේ වෙනත් කාරණයක්.

හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම වත්මන් පුහුණුකරුවෙකුගේ වන ශක්ලින් මුස්ටැක් සඳහන් කරන්නේ පාකිස්තාන කණ්ඩායම සිය කොඩිය පුහුණුවීම් කළ ක්‍රීඩා පිටියේ ප්‍රදර්ශනය කළේ සිය චිත්ත ධෛර්යය වර්ධනය කිරීම සඳහා බවටයි.

මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

Rate this item
(13 votes)
Last modified on Friday, 19 November 2021 07:05