April 20, 2024

විරාත් කෝලිට එරෙහි කැපිල්ල දරුණු වෙයි: මීට සුළු වේලාවකට පෙර එක්දින නායකත්වයෙනූත් ඉවතට

December 08, 2021

විරාජ් කෝලි හට තවත් නායකත්වයක් අහිමි වුණා.

ඒ ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය.

අහිමි වූ දෙවැනි නායකත්වය

මේ වන විට ඔහුට විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයද අහිමි වී තිබෙනවා.

ඉන්දීය එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කරන රෝහිත් ෂර්මාව මීට ටික මොහොතකට පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පත් කළා.

තමා දිගටම එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට කැමති බව කෝලි ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව මේ වන විට විරාත් කෝලිට ඉතිරිව තිබෙන්නේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය පමණයි.

එම කණ්ඩායමේද නව උප නායකයා ලෙසද රෝහිත් ෂර්මාව පත්කර තිබෙනවා.

කෝලිට එරෙහි කැරැල්ල

විරාත් කෝලි ඉන්දීය ටෙස්ට් , එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් වල නායකයා ලෙස කටයුතු කරද්දී තමන්ට අවශ්‍ය ක්‍රීඩකයන්ට තැන ලබාදී අනිත් ක්‍රීඩකයන් ඉවත් කිරීමට යාම මත කණ්ඩායම තුළ බරපතළ බෙදීමක් ඇති වුණා.

විශේෂයෙන්ම සුපිරි දඟ පන්දු යවන රවිචන්ද්‍ර අශ්වින්ට එංගලන්තයේ සමඟ එංගලන්තයේ පැවති ටෙස්ට් තරගාවලියේදී අවස්ථාවක් ලබා නොදීමේ ප්‍රශ්නය බොහෝ දුර දිග ගියා.

අශ්වින් මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට පවා පැමිණිලි කොට තිබෙනවා.

එළැඹෙන දකුණු අප්‍රිකානු සංචාරය ඉලක්ක කොට කරන ලද මෙම නව පත්වීම් හා කණ්ඩායම දෙස බැලීමේදීද විරාත් කෝලිට අවශ්‍ය ක්‍රීඩකයන් ඉන්දීය තේරීම් කමිටුව ලබාදී නැහැ.

අශ්වින්ට අවස්ථාව නොදී කෝලි ඔහු වෙනුවට තරගයට සහභාගි වන කණ්ඩායමට ඇතුලත් කරගත් රාව්න්ද්‍ර ජඩෙජාව දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත් කොට තිබෙනවා.

සීතල යුද්ධය

ඉන්දියාවේ ප්‍රාන්ත අතරද ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී සීතල යුද්ධයක් පවතිනවා.

ඒ දිල්ලිය හා මුම්බායි අතර.

කෝලි නියෝජනය කරන්නේ දිල්ලි පාර්ශවය වන අතර ෂර්මා නියෝජනය කරන්නේ මුම්බායි පාර්ශවයයි.

මේ වන විට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තුළ මුම්බායි පාර්ශවය ඉතා බලවත් වී තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 09 December 2021 12:01

Related items