April 26, 2024

අද තරගයෙන් දිනන අයට ලැබෙන සල්ලි කන්ද මෙන්න!

November 14, 2021

2021 පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය මේවන විට පැවැත්වෙනවා.

ඒ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර යි.

අද තරගය අවසානයේ ජයග්‍රහණය ලබන කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක මුදලක් හිමි වීමට නියමිතව තිබෙනවා.

එය ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් කෝටි 32ක් පමණ වනවා.

එමෙන්ම එම මුදලින් අඩක් අද තරගයෙන් පරාජයට පත්වෙන, එසේත් නැත්නම් මෙවර ලෝක කුසලානයේ අනුශූරයන් බවට පත්වන කණ්ඩායමට හිමිවනවා.

එම මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 08 ක්. 

එය ශ්‍රී ලංකා මුදලට පෙරළු විට ආසන්න වශයෙන් කෝටි 16ක් පමණ වනවා.

මේ අතර අවසන් පූර්ව වටයෙන් සිය ගමන අවසන් කළ එංගලන්තයට සහ පාකිස්තානයට ඇමරිකානු ඩොලර් ලක්ෂ 04 බැගින් පිරිනැමීමට යි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත්තේ.

එම මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 08ක් පමණ වන බව සඳහන්.

ඒ අනුව මෙවර ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සිට අවසන් මහා තරගය දක්වා පිරිනැමෙන තෑගි මුදල් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 5.6ක වටිනාකමින් යුක්තයි.

එම මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල්  කෝටි 112ක් පමණ වනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 November 2021 21:46