April 19, 2024

පටෙල් ගත් කඩුලු 10 : ඉන්දියානුවෙක් ඉන්දියාවට එරෙහිව තැබූ ලෝක වාර්තාවක්

December 04, 2021

නවසිලන්ත වමත් දඟ පන්දු යවන අජාස් පටෙල් ලෝක වාර්ථාවක් තැබුවා.

ඒ ටෙස්ට් ක්‍රිකට් තරගයකදී එක ඉනිමක කඩුලු 10 ම ලබා ගත් තුන් වැනි ක්‍රීඩකයා ලෙස.

ක්‍රීඩකයන් දෙදෙනා

මීට පෙර එවැනි වාර්තාවකට උරුමකම් කීවේ එංගලන්ත ජාතික ජිම් ලේකර් සහ ඉන්දීය ජාතික අනිල් කුම්බ්ලේ යන ක්‍රීඩකයින්ට දෙදෙනායි.

ලේකර් 1956දී කුම්බ්ලේ 1999 දීත් එම වාර්තාවන් තැබුවා.

මෙම වාර්තාවේ විශේෂත්වය වන්නේ පටෙල් එම වාර්තාව තැබුවේ තමන් උපන් ඉන්දියාවට එරෙහිව වීමයි.

ඉන්දියාවේ පටෙල් වයස අවුරුදු 14දී නවසීලන්තයට සංක්‍රමණය වී තිබෙනවා.

කඩුලු දහයම සිය නමට

මුම්බායිහි දී පැවැත්වුණු නවසීලන්ත - ඉන්දීය 2 වැනි ටෙස්ට් තරගයේ ඉන්දීය ඉනිමේ කඩුලු 10 ම පටෙල් ලබාගත්තේ ලකුණු 119 ක් ලබාදෙමින්.

මේ කඩුළු 10 ලබා ගැනීම සඳහා ඔහු පන්දු ඕවර 47.5ක් යැව්වා.

පටෙල් වාර්තාවක් තැබූ එම ඉනිමේ ඉන්දියාව ලකුණු 325 ක් ලබාගත්තා.

33 වන වියේ පසුවන අජාස් යුනුස් පටෙල් මේ වන විට නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරඟ 10 කට සහභාගි වී ඇති අතර එහිදී ලබාගත් කඩුලු සංඛ්‍යාව 29 ක්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 December 2021 09:50