මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ අවසාන මහා තරගය මේවන විට පැවැත්වෙනවා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්තයේ ඉනිම මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා.
කාසිය වාසිය දිනු ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.
ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන් කඩුලු 4ක් දැවී ලකුණු 172 ක් රැස් කළා.
එහිදී නායක නායක කේන් විලියම්සන්ගේ විශිෂ්ඨ ඉනිම විශේෂයෙන් කැපී පෙනුනා.
පන්දු 48 ක් තුල විලියම්සන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 85ක්.
පන්දුවාර 20 ලෝක කුසලාන අවසාන මහා තරගයක් තුළ දී ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු ගණන සම කිරීමට ද ඔහු සමත් වූවා.
ඔහු එසේ සම කළේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස් 2016 අවසාන මහා තරගයේ දී ලකුණු 85ක් ලබාගෙන තැබූ වාර්තාවයි.
2009 වසරේ දී ලෝඩ්ස් පිටියේ පැවැති අවසාන මහා තරගයේ දී කුමාර් සංගක්කාර ලකුණූ 64ක් ලබාගෙන, පන්දුවාර විස්ස ලෝක කුසලාන අවසාන මහා තරගයක දී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් නායකයා ලෙස වාර්තා අතරට ගොස් තිබුණා.
විලියම්සන් අද සංගක්කාරගේ එම වාර්තාව ද බිඳ හෙලීමට සමත් වීම විශේෂත්වයක්.
තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට ලකුණු 173ක ඉලක්කයක් ලැබී තිබෙනවා.
එය හඹා යාම සඳහා ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් යුගලය මේ වන විට පිටියට පිවිස සිටිනවා.
නවසීලන්ත ඉනිමේ විශේෂ අවස්ථා පහතින්..