April 27, 2024

ලොවම දන්න ක්‍රිකට් තරුව ස්ත්‍රී දූෂණයකට පැටලෙයි! අසම්මත ලිංගික ක්‍රියා ගැනත් චෝදනා!

November 17, 2021

ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩක හර්දික් පාන්ඩයා මත් ද්‍රව්‍ය පානය කොට ස්ත්‍රී දූෂණයක් කළ බවට චෝදනාවක් එල්ල වී තිබෙන බව ක්‍රික් ටුඩේ (CRICTODAY) වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඔහු අතින් දූෂණයට ලක්ව තිබෙන්නේ සුප්‍රසිද්ධ පාතාල නායකයකු වන ඩාවුඩ් ඒබ්‍රහම්ගේ ඉතා කිට්ටුවන්තයෙකුගේ බිරිඳ බවයි වාර්තා වන්නේ.

පොලිසියට පැමිණිල්ලක්

රියාස් බාතියා නම් ඇය මේ සම්බන්ධයෙන් ඉන්දීය පොලිසියට පැමිණිල්ලක් කොට තිබෙනවා.

ඉන්දීය අපරාධ නීති සංග්‍රහයේ වගන්ති නමයක් යටතේ ඇයගේ පැමිණිල්ල ලියාපදිංචි කළ බවයි වාර්තා වන්නේ.

ඇගේ පැමිණිල්ලට අනුව මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතා කර සිටි පාන්ඩයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු තමා දූෂණය කළ බවත් එහිදී එම තිදෙනා අසම්මත ලිංගික ක්‍රියාවල යෙදුන බවටත් ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

තවත් දෙදෙනෙකුට චෝදනා

පාන්ඩයාට අමතරව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකුද තමාව දුෂණය කළ බවට ඇය පැමිණිලි කොට තිබෙනවා.

ඒ 2011 වර්ෂයේ ලෝක කුසලාන කුසලාන දිනූ ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ මුනාෆ් පටෙල් සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති වන රජීව් ශුක්ලා යන අයයි.

ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සමග ලිංගික සබඳතා පවත්වන ලෙස සිය ස්වාමිපුරුෂයා තමන්ට තර්ජනය කළ බව ද, එසේ නොකරන්නේ නම් තමාව හා තම දරු තිදෙනාව මරා දමන බවට ඔහු තර්ජනය කළ බව ද ඇය පොලිසිය හමුවේ ප්‍රකාශ කොට තිබෙනවා.

ක්‍රීඩා ලෝලීන්ගේ ඉල්ලීම

එහි ප්‍රතිඵලයක් ලෙස මුනාෆ් පටෙල් සමඟ තමාට හෝටලයකදී යහන් ගත වීමට සිදු වූ බවයි ඇය පොලිසියට පවසන්නේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම හර්දික් පාන්ඩයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ ඉල්ලීමක්ද මේ වන විට මතුවෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

Rate this item
(15 votes)
Last modified on Wednesday, 17 November 2021 19:15