May 01, 2024

ක්‍රිස් ගේලුත් IPL ගහන්න බැහැ කියයි : තරගාවලියෙන් ඉවත් වෙයි

සුපිරි බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.

මේ වන විට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන IPL තරගාවලියේදී ක්‍රිස් ගේල් නියෝජනය කරන පංජාබ් කිංස් කණ්ඩායම.

කළමනාකාරීත්වයේ තහවුරුව

ක්‍රිස් ගේල් IPL තරඟාවලියෙන් ඉවත් වන බව තමන්ට දැනුම් දුන් බව පංජාබ් කිංස් කණ්ඩායමේ කළමනාකාරිත්වය ප්‍රකාශ කොට තිබෙනවා.

IPL තරඟාවලියෙන් ඉවත් වන ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස ජාතික කණ්ඩායමේ ජෛව බුබුලත්වයට ඇතුල් වීමට නියමිතයි.

ඒ මේ මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ම පැවැත්වෙන විස්සයි විස්සයි ලෝක කුසලානයට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වීම සඳහා.

යහපත් මානසිකත්වය

තමා IPL තරගාවලියෙන් ඉවත් වන්නේ එම ලෝක කුසලානය සඳහා යහපත් මානසිකත්වයක් ගොඩනඟා ගැනීම සඳහා කාලය ලබා ගැනීමේ අවශ්‍යතාවය නිසා බවයි ක්‍රිස් ගේල් සඳහන් කර තිබෙන්නේ.

මේ වන විට පංජාබ් kings කණ්ඩායම තමන් සහභාගි විය යුතු මුල් වටයේ තරඟ 14 න් තරග 11 කට සහභාගි වී ජයගෙන ඇත්තේ තරග 4 ක් පමණයි.

එනිසා පිටු මලුන් පිටුදැකීමේ තරග සදහා සඳහා සහභාගි වන කණ්ඩායම් 4 තුළට ඇතුළත් වීම අසීරු කටයුත්තක් වී තිබෙනවා.

අසාර්ථක පිති හරඹය

එපමනක් නොව ක්‍රිස් ගේල්ද මෙවර තරගාවලියේදී දක්ෂතා පෙන්වා නැහැ.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන IPL අවසාන අදියරේ තරඟ 4 කට වංචා පංජාබ් කිංස් කණ්ඩායම මේ වන විට සහභාගි වී ක්‍රිස් ගේල් සහභාගි වී තිබෙන්නේ ඉන් 2කට පමණයි.

ඒ මුම්බායි හා සන්රයිසස් කණ්ඩායම් වලට එරෙහිව.

එහිදී ක්‍රිස් ගේල් පිළිවෙලින් ලබා ගත්තේ ලකුණු 1 ක් හා 14ක් පමණයි.

එපමණක් නොවෙයි ඔහුගේ 42 වැනි උපන් දිනය යෙදී තිබුණ දින රාජස්ථාන් කණ්ඩායම සමඟ තරඟයට ක්‍රිස් ගේල් ඇතුළත් කර ගත්තේ නැහැ.

ලොව බිහි වූ විශිෂ්ටයෙක්

ලොව එතෙක් මෙතෙක් බිහිවූ විස්සයි විස්ස සාර්ථකම හා ආකර්ෂණීයම පිතිකරුවා ලෙස පිළිගැනෙන්නේ ක්‍රිස් ගේල්.

ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස තරග 49 කට සහභාගි වී ලකුණු 1557 ක් රැස්කරගෙන තිබෙනවා.

ඒ හැරුණු කොට ලොව පුරා විවිධ කණ්ඩායම් වෙනුවෙන් විස්සයි විස්ස තරග 162 කට සහභාගි වී ලකුණු 5254 ක් රැස්කරගෙන තිබෙනවා.

ලොව වැඩිම විස්සයි විස්ස හයේ පහර එල්ලකිරීමේ වාර්තාවට හිමිකම් කියන්නේ ක්‍රිස් ගේල්.

ඔහු රට වෙනුවෙන් හයේ පහරවල් 63ක්ද හා ක්‍රීඩා සමාජය වෙනුවෙන් හයේ පහරවල් 210 ක්ද විස්සයි විස්ස තරඟවලදී එල්ල කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 October 2021 12:17