April 28, 2024

වනිඳුට අභියෝගයක්! ෂම්සිවත් IPL වලට කැඳවයි

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විස්සයි විස්ස තරඟ රටාව තුළ අංක 1 ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකානු වමත් පන්දු යවන්නෙකු වන ටබ්රායිස් ෂම්සි ව ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙත කැඳවා තිබෙනවා.

ඔහුව මෙලෙස කැඳවා තිබෙන්නේ රාජස්ථාන රෝයල් කණ්ඩායම විසින්. මේ වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම සතුව සිටින ප්‍රබල පන්දු යවන්නෙකු ලෙසද ෂම්සිව හඳුන්වන්න පුළුවන්.ෙ

කොරෝනා වසංගත තත්ත්වය නිසා කල් දමා තිබුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය එළැඹෙන සැප්තැම්බර් මස 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ කිරීමට නියමිතයි‍ෙ

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සතුවද සිටින ප්‍රබල දඟ පන්දු යවන්නෙකු වන වනිඳු හසරංග ද එක්වීමට නියමිතව තිබෙනවා.

ලෝක T20 තරඟ රටාවේ පන්දු යවන්නන් අතර අංක 1 ක්‍රීඩකයා සහ අංක 2 සිටින ක්‍රීඩකයා දෙදෙනාම තරඟ වදින මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට දැඩි ප්‍රේක්ෂක ආරක්ෂණයක් හිමිවනු ඇති බවටයි සඳහන් වන්නේ.

Rate this item
(1 Vote)