April 28, 2024

හසරංගට රුපියල් කෝටි 29ක්! IPL වෙන්දේසියේ සම්පූර්ණ විස්තරය මෙන්න!

February 12, 2022

හසරංගට ඉහළම මිලක්

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් හෙවත් IPL තරගාවලිය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග අළෙවි වී තිබෙනවා. 

ඔහු මිලට ගෙන ඇත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම යි. 

එහි දී හසරංග වෙන්දේසි වී ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 10.17ක මුදලකට යි. 

ශ්‍රී ලංකා රුපියල්වලින් එම මුදල කෝටි 29ක් පමණ වනවා.

ලාංකික තරුව මිලට ගන්න පොරයක්

හසරංගව මිලට ගැනීමට IPL කණ්ඩායම් තුනක් අතර සටනක් නිර්මාණය වී තිබුණා. 

එම කණ්ඩායම් වූයේ සන්රයිසස් හයිද්‍රාබාද්, පන්ජාබ් කිංස් සහ රෝයල් චැලෙන්ජර්ස් යන ත්‍රිත්වය යි.

ඉන්දීය රුපියල් කෝටියක මූලික ලන්සුවක් නියමව තිබූ හසරංග අවසානයේ මිලට ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වූවා.

අද ඇරඹුණු මෙවර IPL වෙන්දේසියේ දී මෙතෙක් අළෙවි වූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද හසරංග යි.

පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුළු ලාභියාද හසරංග වූ අතර මේවන විට ICC පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ සිටින්නේ ද ඔහු යි.

හසරංග විකිණෙන අතරතුරේ සිදුවූ දේ

මේ අතර වනිඳු හසරංග වෙන්දේසිවන අතරතුරේ විශේෂ සිදුවීමක් ද වූවා.

හසරංග මිලට ගැනීමට තුන්කොන් සටනක් නිර්මාණය වී තිබූ එම මොහොතේ දී වෙන්දේසිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා හදිසියේම රෝගී වී බිම ඇදවැටුණා.

මේ හේතුවෙන් වෙන්දේසිය තාවකාලිකව නතර කිරීමට ද සිදු වූවා.

ප්‍රබලයින් කිහිපදෙනෙකු විසිවෙයි

වනිඳු හසරංග මෙලෙස විශාල මුදලකට අළෙවි වූ පසුබිමක ඇතැම් ක්‍රීඩකයින් මිලට ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීම කැපී පෙනුනා.

ඔවුන් අතුරින් බොහෝ දෙනා ජාත්‍යන්තර විස්සයි 20 පිටිය නියෝජනය කරන ප්‍රබලයින් ද වූවා.

දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර්, ඉන්දියාවේ සුරේෂ් රයිනා සහ ව්‍රිද්ධිමාන් සාහා, ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් සහ මැතිව් වේඩ්, බංග්ලාදේශයේ ශකීබ් අල් හසන්, ඇෆ්ඝනිස්ථානයේ මොහොමඩ් නබී, එංගලන්තයේ සෑම් බිලිංස් යන අය මිලට ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වූයේ නැහැ.

සම්පූර්ණ ලැයිස්තුව

මෙවර IPL වෙන්දේසියේ අද දවසේ අළෙවි වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සහ මිල ගණන් (ඉන්දීය රුපියල්)  පහතින්..

ඉෂාන් කිෂන් (ඉන්දියාව)

මුම්බායි ඉන්දියන්ස් 

කෝටි 15.25


ශ්‍රෙයාස් අයියර් (ඉන්දියාව)

කොල්කටා නයිට්රයිඩර්ස්

කෝටි 12.25


වනිඳු හසරංග (ශ්‍රී ලංකාව)

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්

කෝටි 10.75


හර්ෂාල් පටෙල් (ඉන්දියාව)

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් 

කෝටි 10.75


නිකලස් පුරාන් (බටහිර ඉන්දීය කොදෙව්)

සන්රයිසස් හයිද්‍රාබාද් 

කෝටි 10.75


කගිසෝ රබාඩා (දකුණු අප්‍රිකාව) 

පන්ජාබ් කිංස් 

කෝටි 9.25


වොෂින්ටන් සුන්දර් (ඉන්දියාව) 

සන්රයිසස් හයිද්‍රාබාද් 

කෝටි 8.75


ජේසන් හෝල්ඩර් (බටහිර ඉන්දීය කොදෙව්) 

ලක්නව් සුපර් ජයන්ට්ස් 

කෝටි 8.75 


කෘනාල් පාණ්ඩ්‍යා (ඉන්දියාව) 

ලක්නව් සුපර් ජයන්ට්ස් 

කෝටි 8.25


ශිකර් ධවාන් (ඉන්දියාව) 

පන්ජාබ් කිංස් 

කෝටි  8.25


ශිම්රොන් හෙට්මයර් (බටහිර ඉන්දීය කොදෙව්) 

රාජස්තාන් රෝයල්ස් 

කෝටි 8.5 


ට්‍රෙන්ට් බෝල්ට් (නව සීලන්තය)

රාජස්තාන් රෝයල්ස් 

කෝටි 8


නතීෂ් රනා (ඉන්දියාව) 

කොල්කටා නයිට්රයිඩර්ස් 

කෝටි 8


දේව්දත් පඩික්කාල් (ඉන්දියාව) 

රාජස්තාන් රෝයල්ස් 

කෝටි 7.75


පැට් කමින්ස් (ඔස්ට්‍රේලියාව)

කොල්කටා නයිට්රයිඩර්ස් 

කෝටි 7.25


පෆ් ඩු ප්ලෙසි (දකුණු අප්‍රිකාව) 

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් 

කෝටි 7


ක්වින්ටන් ඩි කොක් (දකුණු අප්‍රිකාව) 

ලක්නව් සුපර් ජයන්ට්ස් 

කෝටි 6.75 


ජොනී බෙයාස්ටෝ (එංගලන්තය) 

පන්ජාබ් කිංස් 

කෝටි 6.75


අම්බති රයුදු (ඉන්දියාව) 

චෙන්නායි සුපර් කිංස් 

කෝටි 6.75


ඩේවිඩ් වෝනර් (ඔස්ට්‍රේලියාව) 

දිල්ලි කැපිටල්ස් 

කෝටි 6.25 


මොහොමඩ් ෂාමි (ඉන්දියාව)

ගුජරාට් ටයිටන්ස් 

කෝටි 6.25 


මිචෙල් මාෂ් (ඔස්ට්‍රේලියාව) 

දිල්ලි කැපිටල්ස් 

කෝටි 6.5


දීපක් හූඩා (ඉන්දියාව) 

ලක්නව් සුපර් ජයන්ට්ස් 

කෝටි 5.75


දිනේෂ් කාර්තික් (ඉන්දියාව) 

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් 

කෝටි 5.5 


මනීෂ් පාණ්ඩේ (ඉන්දියාව) 

ලක්නව් සුපර් ජයන්ට්ස් 

කෝටි 4.6 


ඩ්වේන් බ්‍රාවෝ (බටහිර ඉන්දීය කොදෙව්)

චෙන්නායි සුපර් කිංස් 

කෝටි 4.4 


රවිචන්ද්‍රන් අෂ්වින් (ඉන්දියාව) 

රාජස්තාන් රෝයල්ස් 

කෝටි 5 


ජේසන් රෝයි (එංගලන්තය) 

ගුජරාට් ටයිටන්ස් 

කෝටි 2


රොබින් උතප්පා (ඉන්දියාව) 

චෙන්නායි සුපර් කිංස් 

කෝටි 2

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 February 2022 23:11