April 28, 2024

ICC ශ්‍රේණිගත කිරීම් අලුත් වෙයි! කලකට පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු අංක එකට!

November 03, 2021

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සිය නවතම ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කොට තිබෙනවා.

එයට අනුව පන්දුවාර 20 තරගවල හොඳම පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි පළමු තැනට පත්වී ඇත්තේ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග යි.

එහි දෙවැනි ස්ථානය දකුණූ අප්‍රිකාවේ ටබ්‍රයිස් ශම්සිටත් තෙවැනි ස්ථානය එංගලන්තයේ අදිල් රෂීඩ්ටත් හිමිව තිබෙනවා.

සිව්වැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ ඇෆ්ඝනිස්තාන සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් විසින්.

ලොව හොඳම විස්සයි විස්ස පන්දු යවන්නා ලෙස වනිඳු හසරංග ශ්‍රේණිගත වීම පිළිබඳව මේවන විට ලොව පුරා ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇති අයුරුද දක්නට ලැබෙනවා.

එමෙන්ම නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව පන්දුවාර 20 හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයින් ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ ද හසරංග විසින්.

එහි පළමු තැන ඇෆ්ඝනිස්තාන නායක මොහමඩ් නබී හිමිකරගෙන තිබෙනවා.

දෙවැනි ස්ථානය බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් හිමිකරගෙන ඇති අතර තුන්වැනි ස්ථානයේ පසුවන්නේ නැමීබියාවේ ජේජේ ස්මිත්.

මේවන විට පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය තුළ වනිඳු හසරංග පන්දුවෙන් දැක්වූ දක්ෂතා විශේෂයෙන් කැපී පෙණුනා.

පසුගිය දා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේ දී හසරංග කඩුළු ත්‍රිත්වයක් (හැට්‍රික්) ද ලබාගත් අතර මේ මොහොතවන විට මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා වන්නේ ද හසරංග යි.

එම කඩුලු ගණන 14ක්.

එපමණක් නොව මෙවර පන්දුවාර 20 ලෝක කුසලානය තුළ මෙතෙක් වැඩිම නිලකුණු පන්දු (Dot Balls) යවා ඇත්තේ ද වනිඳු හසරංග විසින්.

එම ගණන 70ක්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 November 2021 17:39