April 28, 2024

IPL ගහන්න ගිය වනිදු කණ්ඩායමෙන් ඉවතට

September 27, 2021

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංග ද සිල්වා ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ අවසාන කොටස සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායමට තෝරා ගනු ලැබුවා.

එහි තරඟ මේ වන විට එක්සත් අරාබි එමිර් රාජ්‍යය එමීර් රාජ්‍යයේ පැවැත්වෙනවා.

දැක්වූ දක්ෂතාව

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නායකත්වය දරන එම කණ්ඩායමට වනිදු තෝරාගනු ලැබුවේ බලාපොරොත්තු රැසක් සමගින්.

එහෙත් එම කණ්ඩායම සහභාගි වූ මුල් තරග දෙකෙන් පසුව වනිදු දැන් කණ්ඩායමෙන් ඉවත් කර තිබෙන්නේ.

ඒ ඔහු දැක්වූ දක්ෂතා පිළිබඳ සෑහීමකට පත්වීමට නොහැකි නිසා.

වනිඳු මුලින්ම සහභාගි වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව.

එහිදී කිසිදු ලකුණක් නොලබා දැවී ගිය අතර පන්දු යැවීමේදී පන්දු ඕවර 2ක් යවා ලකුණු 20ක් ලබාදුන් නතර එක කඩුල්ලක් දවා ගැනීමට සමත් වූයේ නැහැ.

ඉන්පසුව පැවති චෙන්නායි සුපර් කිංස් අතර තරඟයේ දී නොදැවී එක ලකුණක් ලබා ගත් අතර පන්දු යැවීමේදී නියමිත පන්දු ඕවර හතර යවා ලකුණු 40 ක් ලබා දුන්නේ එක කඩුල්ලක් ලබා නොගනිමින්.

තරග දෙකම පරාදයි

එපමණක් නොව වනිදු සහභාගි වූ මෙම තරග දෙකම රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායම පරාජය වුණා.

ඉන්පසුව ඊයේ (26) මුම්බායි ඉන්දියන්ස් සමග පැවැති තරගයේදී වනිදු කණ්ඩායමෙන් ඉවත් කර තිබුණු අතර ඒ වෙනුවට ඕස්ට්‍රේලියානු ජාතික තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඩැන් ක්‍රිස්ටියන් කණ්ඩායමට ඇතුළත් කර තිබූ අතර එම තරඟයෙන් බය චැලෙන්ජස් බැංගලොර් කණ්ඩායම ජයග්‍රහණයද වාර්තා කළා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායමේ සංචිතයට එකතු කරගෙන සිටින ශ්‍රී ලංකා ජාතික පිලේ වේග පන්දු යවන දුශ්‍යන්ත චමීර හට තාමත් එකතු තරඟයක්වත් ක්‍රීඩා කිරීමට ලැබුනේ නැහැ.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තව ඉතිරිව තිබෙන්නේ මුල් වටයේ තරග හතරක් පමණයි.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 28 September 2021 10:32