May 01, 2024

මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩා ලෝලීන්ගෙන් බාල්දියක් : සචින්ගේ පුතා කණ්ඩායමට ගස්සන්න

September 20, 2021

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) යළිත් ආරම්භ වී තිබෙනවා.

ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ.

ක්‍රීඩා ලෝලීන්ගේ ඉල්ලීම

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන් එම කණ්ඩායමේ පාලන අධිකාරිය වෙතින් දැඩි ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අර්ජුන් ටෙන්ඩුල්කාර්ව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩා කරන එකොළොස් දෙනා ඇතුලට ඇතුළත් කරන ලෙස.

ඉකුත් 20 වෙනිදා පැවති මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංස් අතර තරගයේදී අර්ජුන් තෙන්ඩුල්කාර්ට ලබා දී තිබූ කාර්යය වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙත වතුර ගෙන යෑමයි.

ඒ ගැන මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩා ලෝලීන්ගේ සතුටක් නැහැ.

සුපිරි පියා

අර්ජුන් තෙන්ඩුල්කාර්ගේ පියා වන්නේ සචින් තෙන්ඩුල්කාර්.

ඉන්දියාව එතෙක් මෙතෙක් බිහි කළ විශිෂ්ටතම. පිතිකරුවා ඔහුයි.

එහෙත් ඔහුගේ පුත්‍රයා නම් පිතිකරුවෙක් නොවෙයි.

වමතින් වේග යවන්නෙක්.

පියා සහා පුතාගේ කාර්යභාරය

සචින් තෙන්ඩුල්කාර් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ දිරිගන්වන්නා ලෙසයි කටයුතු කරන්නේ.

ඔහු මුම්බායි ඉන්දියන්ස් චෙන්නායි සුපර් කිංස් අතර පැවැති තරගයේ විවේක කාලයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට උපදෙස් ලබා දෙද්දී ඔහුගේ පුත්‍රයා වතුර ගෙන ඒම මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩාලෝලීන්ට දරාගැනීමට බැරි කාරණයක් වී තිබෙනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අර්ජුන් ටෙන්ඩුල්කාර්ව මිලට ගනු ලැබුවේ ඉන්දීය රු. ලක්ෂ 20 කට.

ශ්‍රී ලංකාවේ මුදලින් නම් රු. ලක්ෂ 50 ක් පමණ වනවා.

එළඹෙන සැප්තැම්බර් 24 වෙනි දින 22 වැනි වියට පා තබන අර්ජුන් තෙන්ඩුල්කාර් මුම්බායි පිල නියෝජනය කරමින් පළමු පෙළ විස්සයි විස්ස තරඟ 2කට පමණක් සහභාගි වී ඇති අතර ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 2 ක්.

කැපී පෙනෙන දක්ෂතා තාමත් පෙන්වා නැති අර්ජුන් තෙන්ඩුල්කාර් සිය පියාගේ දැන ඇඳුනුම් කම් මත එංගලන්තයේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ තරුණ කණ්ඩායමට ක්‍රීඩා කර තිබෙනවා.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 21 September 2021 09:32