May 01, 2024

IPL නිසා ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායම අවුලක : ක්‍රීඩකයින් පිරිසක් එළියට

September 29, 2021

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලිය නිසා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිත්වය අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වනවා.

ඒ විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා තෝරාගෙන ඇති කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් දැන් පැවැත්වෙන IPL තරගාවලියේදී දක්වන දුර්වලතා නිසා.

දුර්වලයන් එලියට

මේ නිසා ඔවුන්ව විස්සයි විස්ස ලෝක කුසලාන සඳහා තෝරාගෙන සිටින කණ්ඩායමෙන් ඉවත් කර ඒ වෙනුවට IPL තරගාවලියේ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් ඇතුළත් කිරීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් කළමනාකාරිත්වයේ අවධානය යොමුව තිබෙනවා.

මේ වන විට ලෝක කුසලානයේ නීතිරීතිවලට අනුව 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාව නම් කර තිබෙනවා.

අවශ්‍ය නම් ඕනෑම කණ්ඩායමකට විස්සයි විස්සයි ලෝක කුසලානයට සහභාගි වන කණ්ඩායම වෙනස්  කිරීම සඳහා ඔක්තෝම්බර් 10 දක්වා කල් දී තිබෙන අතර එය ප්‍රයෝජනයට ගැනීමටයි ඉන්දීය ක්‍රිකට් කළමනාකාරිත්වය තීරණය කර තිබෙන්නේ.

තිදෙනකුගේ නම් පෙරට

ඒ අනුව කණ්ඩායමෙන් ඉවත් කළ යුතු ක්‍රීඩකයන් ලෙස ක්‍රීඩකයින් තිදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
.
ඉන් එක් වන්නේ පසුගියදා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති තරගාවලියේදී මෙරට ක්‍රීඩා ලෝලීන් අතර ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රීඩකයෙකු වූ සූරියකුමාර් යදාව්.

අනිත් ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ එම තරගාවලියේදී චාමික කරුණාරත්නට පිත්තක් පරිත්‍යාග කළ ක්‍රීඩක හර්ඩික් පණ්ඩයා හා ඉශාන් ක්‍රිශාන්.

ඒ වෙනුවට තෝරාගන්නා ක්‍රීඩකයින් අතරින් එක් ක්‍රීඩකයෙකු පිළිබඳව මේ වන විට අවධානය යොමුව තිබෙනවා.

තෝරා ගත් ක්‍රීඩකයා

ඒ සෙරයාෂ් අයියාර්ය.

ඔහුව කණ්ඩායමට ඇතුළත් කර ගන්නා බව මේ වන විට නිල වශයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කොට තිබෙනවා.

ඒ වෙනුවට කණ්ඩායමේ තැන අහිමි වීමට නියමිතව තිබෙන්නේ සූරියකුමාර් යදාව්ගේ බවයි වාර්තා වන්නේ.

අනිත් ක්‍රීඩකයින් දෙපල සඳහා වූ ආදේශකයන් පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

IPL තරගාවලියේ එක් කණ්ඩායමක් සහභාගි විය යුතු මුල් වටයේ තරඟ තිබෙන්නේ තව තුනක් පමණයි.

ඉන්පසු තිබෙන්නේ පිටු මලුන් පිටු දැකීමේ අවසාන තරඟ 4යි.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 29 September 2021 22:47