May 02, 2024

IPL සුදුව තවත් ලොකු කරයි : නව කණ්ඩායම් 2ක් - වැඩිපුර තරඟ 34ක්

September 04, 2021

ලොව වැඩිම මුදල් කන්දරාවක් හුවමාරු වන එකක් තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය එළිවෙන 2022 වසරේ සිට මමත් පුළුල් කිරීමට සංවිධායකවරුන් තීරණේ කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට ණය 8ක් සහභාගි වන IPL තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාව 10 දක්වා වැඩි කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

අවසන් දිනය ඔක්තෝම්බර් 5

එම කණ්ඩායම් දෙක මිලට ගැනීම සඳහා බලාපොරොත්තුවන ආයෝජකයන්ට අදාල ටෙන්ඩර් ලේඛනය එළඹෙන ඔක්තෝම්බර් 5 දාට පෙර මිලට ගන්නා ලෙසයි සංවිධායකවරුන් දැනුම් දෙන්නේ.

මෙම නව කණ්ඩායම් දෙකේ එක් කණ්ඩායමක් සදහා ඉදිරිපත් කළ යුතු අවම ලන්සුව ඉන්දියානු රු.කෝටි 2000 ක්.

ලංකාවේ මුදලින් නම් රු. කෝටි 5000 ක පමණ මුදලක්.

ක්‍රීඩා කරන නගර

නව කණ්ඩායම් දෙක කුමන නගර මුල්කරගෙන තරඟ වදින ඇතිදැයි මෙතෙක් තීරණය කර නැහැ.

ඒ සඳහා මේ වන විට නගර 6ක් යෝජනා වී ඇති අතර අහමදාබාද් , ලක්නව් , ගුජරාට් හා කටක් යන නගර කෙරෙහි විශේෂ අවධානය යොමුව තිබෙනවා.

මේ වන විට මුල් වටයේ තරග 56 ක් සහ අවසාන වටයේ තරග 4ක් සමග තරඟ 60කින් IPL තරගාවලිය සමන්විතව තිබුණා.

වැඩිපුර තරග 34 ක්

නව කණ්ඩායම් දෙක එකතු වීමත් සමග මුල් වටයේ තරඟ 90ක් සහ අවසාන වටයේ තරග 4 ක් සමඟ තරග 94 කින් IPL තරගාවලිය සමන්විත වනු ඇති බවයි වාර්තා වන්නේ.

IPL තරගාවලියට විවිධ දූෂණ චෝදනා එල්ල වන අතර ලොව පැවැත්වෙන අංක එකේ ක්‍රිකට් සූදුව නිසයි ඇතැමෙක් මෙම තරගාවලිය හඳුන්වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 September 2021 23:52