May 17, 2024

ශකීබ් අල් හසන්ට අමතක නොවෙන්න වැදුණු 06 පහරවල් මෙන්න (VIDEO)

මේ දිනවල පැවැත්වෙන සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර 20-20 තරඟාවලියේ සිව්වැනි තරගයේ ජය ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ ලබා ගැනීමට හැකි වුණේ කඩුළු 09ක් දැවි ලකුණු 104ක් පමණයි. බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභීයා වූයේ මොහොමඩ් නයිම් වන අතර ඔහු 04 පහර දෙකක් සමඟ ලකුණු 28ක් රැස් කරගත්තා.

ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී මිචෙල් ස්වෙප්සන් සහ ඇන්ඩෲ ටයි විසින් කඩුළු 03 බැගින් බිඳ හෙළුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 19ක් තුළ කඩුළු 07ක් දැවී ලකුණු 105ක් රැස්කරගෙන ජයග්‍රහණය ලබාගත්තා. ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණේ ඩැනියල් ක්‍රිස්ටින් වන අතර ඔහු 06 පහර 5ක් සහ 04 පහර 1ක් සමඟින් ලකුණු 39ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී මෙහෙදි හසන් සහ මුස්ටිෆර් රහමන් විසින් කඩුළු 02ක බැගින් බිඳ දැම්මා.

ඩැනියල් ක්‍රිස්ටින්ගේ 06 පහර 5 එල්ල වුණේ බංග්ලාදේශ කණ්ඩායමේ සිටින ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු සහ අත්දැකීම් වැඩිම ක්‍රීඩකයෙකු ද වන, 20-20 තරඟ රටාවේ තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල 02 වෙනි තැන පසුවන ශකීබ් අල් හසන්ගේ එක් පන්දුවාරයක් තුළ වීමද විශේෂත්වයක්.

ශකීබ් විසින් ඕස්ට්‍රේලියානු ඉනිමේ 03 වෙනි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටින අවස්ථාවේ මෙම දැඩි ප්‍රහාරයට ලක්වුණු අතර එම පන්දුවාරයේ පන්දු 05ක් තුළ 06 පහර එල්ල වුණා.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශනය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 August 2021 01:07