May 03, 2024

බංග්ලාදේශයේ අන්ත පරාජය

November 03, 2021

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයට අදාළව බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයෙන් විශිෂ්ඨ ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව ඊයේ (02) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට සියළු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 84ක් පමණක් වීම විශේෂත්වයක්.

බංග්ලාදේශ පිතිකරුවන් සිවුදෙනෙකුම දැවී ගියේ ලකුණූ 0ට යි.

වැඩිම ලකුණු ලාභියා වූ මෙහෙදි හසන් ලබා ගත්තේ ලකුණූ 27ක් පමණයි.

ලිටෝන් දාස් ලකුණූ 24ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කගීසෝ රබාඩා සහ අන්රික් නොකියා කඩුළු 03 බැගින් බිඳ හෙලුවා.

ටබ්‍රයිස් ෂම්සි කඩුලු දෙකක් ලබා ගත් අතර ඩ්වේන් ප්‍රෙටෝරියස් එක් කඩුල්ලක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා පිතිකරුවන් හට ලැබී තිබූ ලකුණු 85ක ඉලක්කය ඉක්මවා යාම සඳහා ගත වූයේ පන්දුවාර 14ක් පමණයි.

කෙසේ වෙතත් ඔවුන්ගේ කඩුළු 04ක් බිඳ වැටීම ද කැපී පෙණුනා.

තරගයේ තවත් පන්දු 39ක් ඉතිරිව තිබියදී ලකුණු 86ක් ලබා ගනිමින් දකුණූ අප්‍රිකාව කඩුළු 06කින් තරගය ජය ගත්තා.

තරගයේ වීරයා වූයේ කගීසෝ රබාඩා යි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 November 2021 16:53