May 03, 2024

තරගය අතරතුර ගැටුමක් (PHOTOS)

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව මේවන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක යි.

ප්‍රථමයෙන් පන්දු යැවීමට ඔහු තීරණය කළා.

මෙම පුවත පළ කරන අවස්ථාව වන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 02ක් දැවී ලකුණු 83ක් ලබා සිටිනවා.

මේ අතර තරගය අතරතුර ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර සහ බංග්ලාදේශ ආරම්භක පිතිකරු ලිටෝන් දාස් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූවා.

ලහිරු යැවූ පන්දුවකට මොහොමඩ් නයීම් එල්ලකළ පහරක් යළි ලහිරු වෙතටම පැමිණි අවස්ථාවේ දී ලහිරු උත්සහ කළේ එය ඉදිරි කඩුල්ලට එල්ල කිරීමට යි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී ලිටෝන් දාස් කිසියම් දෙයක් ලහිරු කුමාර වෙත ප්‍රකාශ කළා.

අනතුරුව ලහිරු කුමාරගේ පන්දුවකට දාස් එල්ල කළ පහරක් උඩපන්දුවක් සේ රැකගන්නට නායක දසුන් ශානක සමත් වුණා.

කඩුල්ල බිඳ වැටීමෙන් අනතුරුවයි ලහිරු කුමාර සහ ලිටෝන් දාස් අතර වචන හුවමාරුව ඇති වූයේ.

වහාම එම ස්ථානයට පැමිණි විනිසුරුවරුන් සහ අනෙකුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්, දෙදෙනා දෙපසට කර ඇතිවන්නට ගිය ගැටුම මගහැරවූවා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්..

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සියළු තොරතුරු සහ පුවත් සඳහා “Asian Mirror සිංහල” වෙබ් අඩවිය සමග රැඳී සිටින්න.

Rate this item
(0 votes)
Last modified on Sunday, 24 October 2021 17:18