May 03, 2024

කාසියේ වාසිය දසුන්ට! අද කණ්ඩායම මෙන්න!

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූවා.

මෙම තරගාවලිය තුළ දී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් එකිනෙකා හමුවන්නේ ද ප්‍රථම වරට වීම විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක යි.

ප්‍රථමයෙන් පන්දු යැවීමට ඔහු තීරණය කළා.

මේ අතර අද දිනයේ විවේක ගන්වා සිටින මහීෂ් තීක්ෂණ වෙනුවට බිනුර ප්‍රනාන්දු ආදේශ කොට තිබෙනවා.

අද තරගයට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම:

කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර

අද තරගයට සහභාගිවන බංග්ලාදේශ කණ්ඩායම:

මොහොමඩ් නයීම්, ලිටෝන් දාස්, ශකීබ් අල් හසන්, මුෂ්ෆිකර් රහීම්, මහ්මදුල්ලා, අෆීෆ් හුසේන්, නුරුල් හසන්, මෙහෙදි හසන්, මොහොමඩ් සයිෆුඩීන්, නසුම් අහ්මඩ්, මුස්ටෆිසුර් රහ්මාන්

 

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සියළු තොරතුරු සහ පුවත් සඳහා “Asian Mirror සිංහල” වෙබ් අඩවිය සමග රැඳී සිටින්න.

Rate this item
(0 votes)
Last modified on Sunday, 24 October 2021 16:17