May 04, 2024

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - තරගය ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක් දින තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින්.

පළමුවෙන් පන්දුවට පහර දීමට ශානක තීරණය කළා.

මෙරට ප්‍රේක්ෂකයින්ගේ මහත් බලාපොරොත්තුවක් බවට පත්ව සිටින භානුක රාජපක්ෂ අද ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටීම විශේෂත්වයක්.

කඩුළු රකින ක්‍රීඩකයා ලෙස කටයුතු කරන්නේ මිනෝද් භානුක යි.

මෙම පුවත පළ කරන අවස්ථාව වන විට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලයවන අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුක එක්ව ලබාගෙන සිටින ලකුණු ගණන 20ක්.

අවසන් වූයේ තරගයේ 03 වැනි පන්දු වාරය යි.

Rate this item
(0 votes)