May 04, 2024

පළමු කඩුල්ල බිඳවැටෙයි - තෙවැනි තරගයේ දැන් තත්ත්වය

මේවන විට පැවැත්වෙන, ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයට අයත් තුන්වැනි සහ අවසන් 20 විස්ස තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගැනීමට එංගලන්ත පිතිකරු ජොනී බෙයස්ටෝ සමත් වුණා.

කෙසේ වෙතත් අර්ධ ශතකය වාර්තා කර මඳ වේලාවකින් එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ඔහු දැවී ගියේ ඉසුරු උදානගේ පන්දුවකට යි.

පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී ඔහු දැවී ගියේ ලකුණු 51කට යි.

එංගලන්ත පිතිකරුවන් ඉතාමත් වේගයෙන් ලකුණු රැස් කරමින් සිටිනවා.

මෙම පුවත පළ කරන අවස්ථාව වන විට පන්දුවාර 13කට ඔවුන් ලබා සිටින ලකුණු ගණන 114ක්.

ඩේවිඩ් මලන් ද අර්ධ ශතකයක් රැස් කළ අතර ඔහු මේවන විට නොදැවී ලකුණු 51ක් රැස් කරගෙන සිටිනවා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුසල් පෙරේරා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

මෙම තරගාවලියේ පළමු තරග දෙකම එංගලන්ත කණ්ඩායම පහසුවෙන් ජයගත් අතර ඒ අනුව තරගාවලියේ ජය දැනටමත් ලබා සිටින්නේ එංගලන්තය යි.

Rate this item
(0 votes)