May 05, 2024

ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණයි! පන්දුව පිත්තේ ගෑවෙන්නේත් කලාතුරකින්!

ශ්‍රී ලංකා එංගලන්ත අවසන් 20 විස්ස තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිතිකරුවන් දැඩි අසරණභාවයකට පත්ව සිටිනවා.

ඒ, ඉනිම තුළ එංගලන්ත පන්දු යවන්නන් මෙතෙක් යොමු කළ පන්දුවලින් බහුතරය නිලකුණු පන්දු බවට පත් වීමත් සමගින්.

පිතිකරුවන් සියළු දෙනාම පාහේ පහරවල් එල්ල කිරීමට දැඩි උත්සහයක් ගත්ත ද පන්දුව පිත්තේ වැදීම සිදුවන්නේ ද කලාතුරකින් බව නිරීක්ෂණය වනවා.

මෙම තත්ත්වය මත ලකුණු රැස් කිරීමට නොහැකි වීමෙන් තරගය ජය ගැනීමට නම් එක් පන්දුවාරයකට ලබාගත යුතු ලකුණු ගණන ද මේවන විට බෙහෙවින් ඉහළ අගයක් ගනිමින් පවතිනවා.

නියමිත පන්දුවාර ප්‍රමාණයෙන් හරි අඩක්, එනම් 10ක් මේවන විට අවසන් වී ඇතත්, ශ්‍රී ලංකා කණ්ඩායම ලබා සිටින්නේ ලකුණු 54ක් පමණයි.

ඒ කඩුළු 04ක් දැවී යාමෙන් අනතුරුවයි.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 4කටත්, කුසල් පෙරේරා ලකුණු 3කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 6කටත් හා ඔෂද ප්‍රනාන්දු ලකුණු 19කටත් දැවී ගියා.

කුසල් මෙන්ඩිස් අද දිනයේ ද විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ අවස්ථාව අපරීක්ෂාකාරී ලෙස වැය කළ අයුරු කැපී පෙණුනා.

පන්දුවට පහරදෙමින් සිටින නිරෝෂන් දික්වැල්ල ලකුණු 10කුත්, දසුන් ශානක එක් ලකුණකුත් ලබා සිටිනවා.

මේවන විට පවතින තත්ත්වය අනුව තරගය ජයගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 60කින් ලකුණු 128ක් ලබාගත යුතු වනවා.

Rate this item
(0 votes)