May 04, 2024

අයෙකුට උණ! තවකෙක් තුවාළයි! 3ක් ලංකාවට! පළමු තරගය ඇරඹෙයි!

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින ජාත්‍යන්තර තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූවා.

තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට සමත් වූයේ එංගලන්ත කණ්ඩායම විසින්.

ඒ අනුව තරඟයේ පළමුව පන්දු යැවීමට එංගලන්ත නායකයා තීරණය කළා.

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකාවට කැඳවීමට තීරණය කිරීමත් සමග අද තරගයේ දී නවක ක්‍රීඩකයින් තිදෙනෙකු ප්‍රථමවරට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරනවා.

ඒ අනුව චරිත් අසලංක, ධනංජය ලක්ෂාන් සහ ප්‍රවීන් ජයවික්‍රම මෙම තරඟයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් ලැබුවා.

මේ අතර ඕෂද ප්‍රනාන්දු ට උණ රෝගය වැළඳී ඇති බව වාර්තාවෙනවා.

ධනංජය ද සිල්වා තුවාල ලබා තිබෙන බව යි වාර්තා වන්නේ.

අද තරගයට පිවිසෙන කණ්ඩායම් දෙක මෙසේ යි…

එංගලන්ත කණ්ඩායම:

ජොනී බෙයාස්ටෝ, ඩේවිඩ් මලාන්, ඩේවිඩ් විලී, ඔයින් මෝර්ගන් (නායක), ලියම් ලිවින්ග්ස්ටන්, සෑම් බිලින්ග්ස්, මොයීන් අලි, සෑම් කරන්, ක්‍රිස් වෝක්ස්,  මාර්ක් වුඩ්, අදීල් රෂීඩ් 

ශ්‍රී ලංකා කණ්ඩායම: 

කුසල් ජනිත් පෙරේරා (නායක), පැතුම් නිස්සංක, චරිත් අසලංක, රමේෂ් මෙන්ඩිස්, දසුන් ශානක, ධනංජය ලක්ෂාන්, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර සහ ප්‍රවීන් ජයවික්‍රම

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 June 2021 15:45