May 20, 2024

ශකීබ්ගේ අශිලාචාරකම් නිසා ක්‍රිකට් එපා වූ විනිසුරු ඉල්ලා අස්වෙයි

බංග්ලාදේශ දේශීය T20 තරඟාවලියක් වන ඩකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී ශකීබ් අල් විසින් විනිසුරුවරයෙකු බැන වදිමින් අශිලාචාර ලෙස හැසිරෙන ආකාරය පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ මෙන්ම ක්‍රිකට් ලෝලීන් අතර දැඩි කතාබහක් ඇති කිරීමට සමත් වුණා.

ශකීබ් විසින් මෙලෙස බැන වැදුණේ එරට ක්‍රිකට් විනිසුරු මොනිරුස්සමාන්  හටයි.

ඔහුට තරඟාවලිය පුරාවට ක්‍රීඩකයන්ගෙන් විවිධ ආකාරයේ තර්ජනය කිරීම්වලට මුහුණ දීමට සිදුවූ අතර බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මහමුදුල්ලා විසින් ද මෙම විනිසුරුවරයාට බලපෑම් කර තිබුණා.

දැවී යාමක් නොවන අවස්ථාවක් සඳහා දැවී යාමක් ඉල්ලා සිටි ශකීබ් හට විනිසුරු තීරණය ලබා නොදීම නිසා කඩුල්ලට පයින් ගසා විනිසුරුවරයාට බැන වැදුණි. 

විනිසුරු මොනිරුස්සමාන් විසින් පවසා සිටියේ විනිසුරුවරුන්ට හට මීට වඩා ගෞරවයෙන් යුතුව සැලකිය යුතු බවයි.

සිය ඉල්ලා අස්වීම ලබාදෙමින් මොනිරුස්සමාන් සඳහන් කර සිටියේ “මට මේ ඇති, තවත් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන්න බැහැ. විනිසුරුවරයෙකුට වැරැදීම් වෙන්න පුළුවන්. ඒත් මේ විදිහට සලකන්න බැහැ. අපිට මේ විදිහට තවත් සැලකුවොත් අපි මේ රාජකාරිය කිරීමෙන් පලක් නැහැ, මොකද මම එතන ඉන්නේ මුදල් සඳහා පමණක් නෙමෙයි.” යනුවෙනි.

Rate this item
(0 votes)
Last modified on Friday, 02 July 2021 16:23