April 27, 2024

ඔටුවන් මැරූ ඕස්ට්‍රේලියාව සුනඛයන්ටත් වෙඩි තබයි!

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හී සත්ත්ව අනාථාගාරයක සිටි සුනඛයන් පිරිසකට එම අනාථාගාරය බාරව සිටින නිලධාරීන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

කොරෝනා වෛරසය පාලනය කිරීමේ අරමුණ ඇතිව මෙම ක්‍රියාව සිදුකර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර තිබෙන අතර ඕස්ට්‍රේලියානු රජය විසින් මේ සම්බන්ධව විශේෂ පරික්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ඝාතනය කළ සුනඛයන් තවත් සත්ත්ව ආරක්ෂණ සංවිධානයක ස්වේඡා සේවකයින් පිරිසක් සිය රැකවරණය ගැනීමට අපේක්ෂාවෙන් සිටි බවටයි සඳහන් වන්නේ.

මෙම සත්ත්වයින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු වැසියන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල කර තිබුණු අතර ඔවුන් කියා තිබුණේ මිනිස් ජීවිතය බේරා ගැනීමට 99.8ක අවස්ථාවක් ඇති වෛරසයක් නිසා අහිංසක සතුන් ඝාතනය කිරීම කෲර ක්‍රියාවක් බවයි. තවත් පිරිසක් කියා තිබුණේ ලෝකය පිස්සු වැටී ඇති බවයි.

ලෝකයේ දැඩිම වසංගත මර්දන නීතිය අනුගමනය කරන රටවල් අතර ඕස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටියි. මෙම දැඩි නීතිය එරට ජනතාවගෙන් 70%ක් සඳහා පුර්ණ එන්නත්කරණය සිදුකරන තුරු ක්‍රියාත්මක කිරීමටයි එරට රජය තීරණය කර තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 August 2021 15:11

Related items