April 25, 2024

හතර අතින් වසා දැමූ ඕස්ට්‍රේලියාවටත් මාරාන්තික ඉන්දීය කොරෝනා වෛරසය ඇතුළු වෙයි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නැවත වරක් කොරෝනා වසංගත පාලන නීති ඉහළ දැමීමට බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වෙයි. 

එයට හේතුව වී තිබුණේ ඉන්දියානු කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු හමුවීමත් එම පුද්ගලයා හට වෛරසය ආසාදනය වූ ආසාදිතයා සොයා ගැනීමේ මෙහෙයුම් පුළුල් කර ගැනීමත් සඳහායි.

50 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඉන්දියානු කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන තිබෙන අතර මාසයකට පසුව නිව් සවුත් වේල්ස් හී වාර්තා වූ පළමු ආසාදිතයාත් එම පුද්ගලයා බවටද වාර්තා වෙයි.

ඕස්ට්‍රේලියානු බලධාරීන් මෙතෙක් එම පුද්ගලයා සමඟ සම්බන්ධතා පැවැත්වූ අනෙකුත් පුද්ගලයා සොයා ගැනීමට හැකියාවක් නොලැබී අතර ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙම හඳුනාගත් රෝගියාට වෛරසය ආසාදන කර ඇති තවත් ආසාදිතයෙකු සිටිය හැකි බවයි.

දැනට හඳුනාගෙන ඇති රෝගී පුද්ගලයාව වෛද්‍ය පරික්ෂණ සඳහා යොමු කර ඇති අතර ඔවුන් එහිදී ආසාදිත පුද්ගයාට ඉන්දියාවෙන් හඳුනාගත් කොරෝනා වෛරස් ප්‍රභේදය හඳුනාගත් බවත්, සාමාන්‍ය කොරෝනා ආසාදිතයෙකුගේ ඇති වෛරස් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මෙම පුද්ගලයාගෙන් හඳුනාගත් බවත් වාර්තා වෙයි. 

එමෙන්ම මෙහි පැතිරීමේ ඇති හැකියාව වැඩි බවද ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් විසින් අනාවරණය කර තිබේ.

මේ වන විට සිඩ්නි නුවර ජනතාවට මෘදු උණ වැනි කොරෝනා රෝග ලක්ෂණවලට සමාන ලක්ෂණ ඇති නම් වාහම වාර්තා කරන ජනතාවට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඉන්දියාවේ වෙසෙන ඕස්ට්‍රේලියානු ජාතිකයන් කිසිවෙකුටත් නැවත ඕස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි ලෙස දේශ සීමා වසා දැමීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් තීරණය කර තිබුණු අතර එම තීරණය නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී වීමට ගිය ක්‍රීඩකයන් පවා ඉන්දියාව තුළ සිරවිය.

ඕස්ට්‍රේලියාව විසින් ඉන්දියාව සමඟ ඇති සියලු ගුවන් සේවා ද මැයි 15 වැනිදා දක්වා අත්හිටුවා දැමීමට තීරණය කර ඇති අතර තහනම නොතකා පැමිණෙන්නෙකු හට දැවැන්ත දඩයක් හෝ වසර ගණනක සිර දඬුවමක් ලබාදෙන බවටද පවසා තිබේ.

ලෝකයේ කොරෝනා වෛරස පාලනය කළ සාර්ථකම රටවල් අතර ඕස්ට්‍රේලියාවද සිටියි.

Rate this item
(0 votes)

Related items