April 27, 2024

ඉන්දියාවේ යනඑනමං නැතුව සිටි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් හදිස්සියේම ශ්‍රී ලංකාවට එයි?

ඉන්දියානු ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරඟාවලිය හදිස්සියේ අත්හිටු වීම නිසා අසරණව සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියාව විසින් පනවා ඇති නැවත පැමිණීමේ තහනම ඉවත් කරන තුරු ශ්‍රී ලංකාවේ හෝ මාලදිවයිනේ කාලය ගත කිරීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වෙයි.

ඉන්දියාවේ කොවිඩ් -19 රෝගීන් වැඩිවීමෙන් පසුව ඉන්දියාවේ සිට පැමිණෙන කිසිදු ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු හට නැවත ඕස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි ලෙස මෙන්ම ඉන්දියාව සමඟ සියලු ගුවන් ගමන් සේවා මැයි 15 දක්වා සම්පුර්ණයෙන්ම වසා දැමීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් තීරණ කර තිබුණි.

මේ වන විට චෙන්නායි සුපර් කිංග්ස් පිතිකරණ පුහුණුකරු මයික් හසී කොරෝනා වෛරසයට ගොදුරු ඇති අතර ඔහු ඉන්දියාවේ ම නිරෝධායනය වෙමින් සිටින බව වාර්තා වෙයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් නියෝජනය කරන ඕස්ට්‍රේලියානුවන්ගෙන් වෛරසය සඳහා ගොදුරුව ඇති එකම පුද්ගලයා ලෙස මයික් හසී පමණක් බවත් සඳහන් වෙයි.

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන අන්දමට කිසිදු හේතුවක් නිසා ඔවුන්ගේ නීතිය පහත හෙලීමක් සිදු නොවනු ඇති බව වාර්තා වෙයි.

ක්‍රීඩකයක් කිහිප දෙනෙකු පමණක් තහනම පැනවීමට පෙර තරඟාවලියෙන් ඉවත් වී ඕස්ට්‍රේලියාව වෙත යෑමට සමත්විය. මෙම දේශ සීමා තහනම හේතුවෙන් බොහෝ ක්‍රීඩකයන් පිරිසක් දැඩි කනස්සල්ලට පත්ව සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 May 2021 16:31