April 27, 2024

උතුරේ වැඩ ඉන්දියාවට මිස චීනෙට බැහැ : උතුරේ ඇමතිගෙන් ප්‍රකාශයක්

December 30, 2021

චීනය දකුණේ පමණක් නොව උතුරේද ව්‍යාපෘති සඳහන් මැදිහත් වීමේ දැඩි අපේක්ෂාවකින් පෙළෙනවා.

අසල්වැසි ඉන්දියාව ද දකුණට වඩා උතුරේ ව්‍යාපෘති සම්බන්ධයෙන් දක්වන්නෙ දැඩි උනන්දුවක්.

ධීවර ව්‍යාපෘතිය

පේදුරුතුඩුව ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතිය උතුරේ ග්‍රාම සේවා වසම් 109ක පවුල් 15,000 ක රැකියා විරහිත තරුණ තරුණියන් 35000 කට හා විවිධ ආබාධයන්ගෙන් පසු වන 15,000කට සෘජු හා වක්‍ර රැකියා සැපයීමේ එකක්.

එම වරාය ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත වසර 4ක් තුළ ඉදිකිරීමට නියමිත අංගසම්පූර්ණ වරායක් වන අතර එහි ඉදිකිරීම් කටයුතු ලබා දීම සම්බන්ධයෙන් උතුරු පළාත නියෝජනය කරන ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා මතය ප්‍රකාශ කර තිබෙනවා.

ඇමතිගේ තේරීම

වත්මන් රජයේ ධීවර අමාත්‍යවරයා ද වන ඔහු සඳහන් කරන්නේ එම ව්‍යාපෘතිය කිරීම සඳහා ඉන්දියාව හා චීනය අතුරින් එක් රටක් තෝරා ගැනීමට යෝජනා වුවහොත් තමා තෝරා ගන්නේ ඉන්දියාව බවයි.

ආණ්ඩුවද මේ වන විට එම වරාය සංවර්ධනය කිරීමේ කටයුතු ඉන්දියාවට භාර දීමට තීරණය කර ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 30 December 2021 00:23