April 19, 2024

ලංකාවට ගොඩඑන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක්

විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට ස්වැප් හෙවත් විනිමය හුවමාරු ක්‍රමය යටතේ ඩොලර් මිලියන 400ක හදිසි මූල්‍යාධාරයක් ලබාදීමට ඉන්දියාව එකඟ වී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම, ඉන්ධන මිලදී ගැනීම සඳහා ණය මුදලක් ලෙස තවත් ඩොලර් මිනියන 500ක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට හිමි වනු ඇති.

ඉන් අනතුරුව ඉන්දියාව විසින් තවත් ඩොලර් බිලියනයක ණය ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ මිලදී ගැනීම සඳහා එම ණය මුදල යොදා ගැනීමට නියමිතයි.

මේ අතර, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ මෙරට පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ජනතාවට සහ රටට බලපෑමක් සිදුනොවන අයුරින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතු බවයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා අද දළදා වහන්සේ වැද ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Rate this item
(0 votes)