April 26, 2024

වසර 18ක ප්‍රේම කතාවට සමු දුන් සුපිරි නළු ධනුෂ්

සුපිරි නළු ධනුෂ් සහ ඔහුගේ බිරිඳ වන අයිශ්වර්යා රජිනිකාන්ත් නීත්‍යානුකුලව වෙන්වීමට තීරණය කර ඇති බව ධනුෂ් විසින්ම සිය සමාජ මාධ්‍ය ඔස්සේ පල කර තිබුණා.

එහි සඳහන් වූයේ මෙවැන්නක්.

“අවුරුදු දහ අටක් තිස්සේ මිතුරන් ලෙස යුවලක් ලෙස සහ දෙමාපියන් ලෙසත් එකිනෙකාව ධෛර්යමත් කරමින් අපි එක්ව පැමිණියා.අපේ ගමන වර්ධනය වෙමින් පැවති අතර අවබෝධය,ගැලපීම සහ අනුවර්තනය වීම් ද අප අතර පැවතියා.අද අපි අපට මාවත් දෙකක් ඇති බව අවබෝධ කරගෙන අවසන්.අපිව යුවළක් ලෙස නොව වෙනස් පුද්ගලයන් දෙදෙනෙකු ලෙස අද සිට අවබෝධ කර ගන්න.

“කරුණාකර අපේ තීරණයට ගරු කරන්න.අපට මේ සඳහා පෞද්ගලික මට්ටමෙන් ගනුදෙනු කරන්නට ඉඩ ලබා දෙන්න.” යනුවෙනි.

Dhanush and Aishwarya Rajnikanth broke up, got married 18 years ago, read  love story - Bharatiya Patrika

ධනුෂ් සහ අයිශ්වර්යාගේ පළමු හමුවීම සිදු වූයේ ‘කාදල් කොන්ඩේ’ චිත්‍රපටයේදීයි. ප්‍රදර්ශනයේ පළමු දිනයේ ධනුෂ් ඔහුගේ පවුලේ අය සමඟ රඟහලට පැමිණ ඇති අතර එම අවස්ථාවට දකුණු ඉන්දියානු සිනමාවේ රජු  රජිනිකාන්ත්, තම දූවරු වන අයිශ්වර්යා සහ සෞන්දර්යා සමග පැමිණ තිබෙනවා. චිත්‍රපටිය අවසන් වූ පසු සිනමාහල් හිමියා දියණියන් දෙදෙනාව ධනුෂ්ට හඳුන්වා දී තිබෙනවා. මෙම අවස්ථාවෙන් පසුව අයිශ්වර්යාගේ ඇරයුමින් ධනුෂ් ඇය හමුවීමට පැමිණ ඇති අතර ටික කලකින් මොවුන් පෙම්වතුන් වී තිබෙන බවයි පැවසෙන්නේ.

ධනුෂ් සහ අයිශ්වර්යා වසර දෙකක් තිස්සේ එකිනෙකා සමඟ පෙම් සබඳතාවක් පැවත්වූවා. මේ අතර දෙදෙනා ගැන පුවත් වාර්තා වෙන්නට පටන් ගත්තා. රජිනිකාන්ත්ගේ පවුලේ අය තම දියණිය ගැන කටකතා පැතිරීමට අකමැති වූ නිසා ඔවුන්ගේ විවාහය ඉක්මන් කර තිබෙනවා.

වසර දහ අටක පවුල් ජීවිතයට සමු දීමට තීරණය කර ඇති ධනුෂ් යුවළ පුතුන් දෙදෙනකුගේ දෙමාපියන් දෙපළක් වෙයි.

Dhanush on marrying 2 years older to him: The age factor does not affect me  at all [Throwback] - IBTimes India

Clans in Indian Cinema: Rajinikanth, Dhanush and the Mega Family of Tamil  Showbiz

Photos: Meet the members of Rajinikanth's family

Rate this item
(0 votes)