April 20, 2024

විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවට

December 13, 2021

2021 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවේ හර්නාස් සන්දු විසින් හිමි කරගෙන තිබෙනවා.

එහිදී 21 හැවිරිදි වියේ පසුවන හර්නාස් සන්දු විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව, ඉන්දියාවට මෙවර විශ්ව රූ රැජිණ කිරුළ හිමිව ඇත්තේ වසර 21කට පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇයට හිමි කිරුළ පැළදුවේ 2020 විශ්ව රූ රැැජින ලෙස කිරුළු පැළදූ මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මෙසා විසින්.

මෙවර විශ්ව රූ රැජිණ තරඟයේ දෙවැනි ස්ථානයට පත්වූයේ වයස අවුරුදු 22 ක් වන පැරගුවේ නාඩියා ෆෙරේරායි.

දකුණු අප්‍රිකාවේ 24 හැවිරිදි ලලෙලා මස්වානේ එහි තෙවන ස්ථානය හිමි කරගත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

70 වන විශ්ව රූ රැජිණ තරඟය පැවැත්වුණේ ඊශ්‍රායලයේදීයි.

Rate this item
(0 votes)