April 18, 2024

කම්කරුවන් හා ආරක්ෂක අංශ අතර ඕස්ට්‍රේලියාවේ දී ගැටුම් (VIDEO)

September 21, 2021

ඕස්ට්‍රේලියාව තුළ ඉදිරිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවේ නිරතව සිටින කම්කරුවන් හට සිය සේවය ඉදිරියට පවත්වාගෙන යෑමට නම් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා.

මෙම නිවේදනය නිකුත් කිරීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වෘත්තීය සමිති කාර්යාලයක් ඉදිරිපිටට රැස්වුණු අතිවිශාල කම්කරුවන් පිරිසක් මෙම තීරණයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කර තිබුණා.

මෙලෙස රැස්වුණු පිරිස පසුව කලහකාරී ලෙස හැසිරීමට පටන්ගෙන තිබූ අතර ඔවුන් විසින් වෘත්තීය සමිති කාර්යාලයට පහරදීමක් ද සිදුකර තිබෙනවා.

අවාසනයේ එම ස්ථානයට මෙල්බර්න් හී කැරලි මර්දන ඒකකය කැඳවීමටද බලධාරීන්ට සිදුවී තිබුණා. එහිදී දෙපිරිස අතර ගැටුම්ද ඇතිව තිබුණා.

අදාළ සිදුවීමේ වීඩියෝ දර්ශන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 September 2021 08:21

Related items