May 05, 2024

හොර රහසේ වසංගත නීති කැඩූ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්

කොරෝනා වසංගත පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය තුළ දැඩි නීති පනවා ඇති අවස්ථාවක බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හෑන්කොක් විසින් තම සාහිකාවක් සිප ගැනීමේ දර්ශන එරට මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම ප්‍රසිද්ධ වීමත් සමඟ එරට සෞඛ්‍ය ලේකම්වරයාට දැඩි ජනතා විරෝධයක් එල්ලවී තිබෙන බවයි සඳහන් වන්නේ. මෙම සිදුවීම තුළින් එරට උසස්ම සෞඛ්‍ය අංශ නිලධාරියා විසින් ජනතාව හට වැරැදි පුර්වාදර්ශයක් පෙන්වා ඇති බවට බොහෝ දෙනෙකු චෝදනා කර තිබේ.ෙ

සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් විසින් එහිදී ඔහුගේ ප්‍රධාන සාහිකාවක වන ජිනා කොලඩන්ජෙලෝ සමඟ සමීප වී සිපගන්නා දර්ශනයන් සහිත වීඩියෝ සහ ඡායාරූප බොහෝමක් බ්‍රිතාන්‍ය ප්‍රමුඛ පෙළේ මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනු දක්නට ලැබුණා‍ෙ

එමෙන්ම බ්‍රිතාන්‍ය විපක්ෂය වන කම්කරු පක්ෂය විසින් ද මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර ඇති අතර ඔවුන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වෙත පවසා තිබුණේ සෞඛ්‍ය ලේකම්වරයා වහාම සේවයෙන් නෙරපා හැරිය යුතු බවයි

බ්‍රිතාන්‍ය ජනතාව වෙත සමාජ දුරස්ථ භාවය, මුව ආවරණ පැළැඳීම, සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමන කිරීම සඳහා දැඩි නීති පනවා ඇති අවස්ථාවක ලේකම්වරයා විසින් මෙවන් ක්‍රියාවන් සිදුකිරීම පිළිබඳව බොහෝ දෙනා සිය විරෝධය පළ කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා විසින් ප්‍රසිද්ධියේ සමාව ඇයද තිබුණා. එම සිදුවීම හරහා තමන් සමත් බ්‍රිතාන්‍ය ජනතාවට පහත් කළ බවත්, තමන් එම සිදුවීම හරහා බ්‍රිතාන්‍ය තුළ අනිවාර්ය කර තිබූ සමාජ දුරස්ථභාවය කඩ කළ බවත් එහිදී සෞඛ්‍ය ලේකම්වරයා විසින් පිළිගෙන තිබුණු බවයි සඳහන් වෙන්නේ.

විපක්ෂය විසින් ඔහුව ධූරයෙන් නෙරපා හැරිය යුතු බවට දැඩිව ප්‍රකාශ කර තිබුණත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් සෞඛ්‍ය ලේකම්වරයාගේ සමාව අයැදීම පිළිගෙන ඇති බවයි සඳහන් වන්නේ.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා විවාහක පුද්ගලයෙකු වන අතර ඔහුට දරුවන් තිදෙනෙකු ද සිටිනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහු විසින් සිය බිරිඳගෙන් සමාව ඉල්ලා නොමැති බවටයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

Rate this item
(0 votes)